
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දෙහිවල කවුඩාන පාරේ නිවසක නිදාසිටි දරුවන් දෙදෙනකුට බෝම්බ ගසා ඝාතනය කර ඔවුන්ගේ පියාට ද බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනකු ගල්කිස්ස විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් ඊයේ (14 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.
මෙම අහිංසක දරුවන් දෙදෙනා ඝාතනය කර ඔවුන්ගේ පියාට ද බරපතළ තුවාල සිදු කිරීමට අදාළ බෝම්බ ප්‍රහාරය එල්ලකර ඇත්තේ කොස්මල්ලි නමැති පාතාල නායකයාගේ මාමා සහ ඔහුගේ කල්ලියේ පාතාල සාමාජිකයකු විසින් බවට මේ වන විට හඳුනාගෙන තිබේ.
මෙම අපරාධකරුවන් දෙදෙනා සැඟවී සිටි ස්ථාන කීපයක් විශේෂ පොලිස් කණ්ඩායම් විසින් වටළා පරීක්ෂා කළ අතර ඔවුන් ඒ වනවිටත් එම ස්ථාන අතහැර පළාගොස් සිටි බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
කොස්මල්ලි සහ බඩෝවිට අසංක නමැති පාතාල ඝාතකයන් මෙහෙයවන කල්ලි දෙක අතර පවතින ආරවුලක් මෙම බෝම්බ ප්‍රහාරයට හේතු විය.
පොලිසිය පවසන්නේ බඩෝවිට අසංකගේ කල්ලියේ සාමාජිකයකු ඉලක්ක කර මෙම බෝම්බ ප්‍රහාරය එල්ල කර ඇතත් බෝම්බකරුවන්ට අත්වැරදීමක් සිදුවී වෙනත් නිවසකට මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි.
මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයාගේ වැඩිමහල් සොහොයුරා බඩෝවිට අසංකගේ ගෝලයකු වන අතර ප්‍රහාරය එල්ල කර ඇත්තේ ඔහු ඉලක්ක කර ගෙනය.
එහෙත් එම පුද්ගලයා යාබද නිවසේ සිට ඇති අතර ඝාතකයන්ට වැරදීමකින් ඔහුගේ සොහොයුරා පදිංචි නිවසට ප්‍රහාරය එල්ල කර ඇති බව විමර්ශනවලින් අනාවරණය වී ඇත.
විමර්ශන කණ්ඩායම් විසින් ඊයේ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයකු මෙම බෝම්බ ප්‍රහාරය සඳහා ඝාතකයන්ට යෑමට ත්‍රීරෝද රථය ලබාදුන් පුද්ගලයා බව පොලිසිය පවසයි.
අනෙක් සැකකරු එම ත්‍රීරෝද රථය ප්‍රහාරයට රැගෙන යෑම සඳහා අලුත්වැඩියාකර දුන් පුද්ගලයා බව ද පොලිසිය කියා සිටියි.
(උපුටාගැනීම – දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart