September 15, 2026

දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව ක්‍රියාකරමින් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ අපරාධ පරීක්ෂණ දෙපර්තමන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර යන දෙදෙන්නගේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩකර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

ඒ අනුව, හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දුක සිල්වා සහ නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන යන පිරිස විසින් එලෙස මූලික අයිතිවාසිකම් කඩකර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.