
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති බොරිස් ජොන්සන් ඇතුළු ප්රමුඛ පෙළේ විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයන් පිරිසක් ගමන් කළ දුම්රියට පසුපසින් පැමිණි දුම්රියට රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වීමෙන් පෝලන්ත – යුක්රේන සීමාවේදී දැඩි අනතුරුදායක තත්ත්වයක් හටගෙන තිබේ.
යුක්රේන අගනුවර වන කීව් හි පැවැති සාකච්ඡාවලින් අනතුරුව, බොරිස් ජොන්සන් ඇතුළු නියෝජිත පිරිස පෝලන්තය බලා ගමන් කරමින් සිටියදී පෝලන්ත සීමාවට ආසන්න යාහොඩින් දුම්රිය ස්ථානයේදී මෙම ප්‍රහාරය එල්ල වී ඇත.
ප්‍රහාර එල්ලවීමේ අවදානම හේතුවෙන් කාලසටහන වෙනස් කරමින් ජොන්සන් ගමන් කළ විශේෂ රාජ්‍ය තාන්ත්‍රික දුම්රිය අදාළ ස්ථානයෙන් කලින් පිටත්ව ගොස් තිබිණි.
අදාළ දුම්රිය ස්ථානයෙන් ජොන්සන්ගේ දුම්රිය පිටවූ වහාම පාහේ, ඊට පසුපසින් පැමිණි මගී දුම්රියට රුසියානු ඩ්‍රෝන යානයක් කඩා වැදී තිබේ.
ඩ්‍රෝන යානය ළඟා වන විටත් අදාළ දුම්රියේ සිටි මගීන් ඉවත් කර තිබූ බැවින් කිසිදු ජීවිත හානියක් සිදුවී නොමැත.
රුසියානු ප්‍රහාරයේ සැබෑ ඉලක්කය බොරිස් ජොන්සන් ගමන් කළ රාජ්‍ය තාන්ත්‍රික දුම්රිය විය හැකි බව යුක්රේන දුම්රිය සේවය ප්‍රකාශ කරයි.
මෙම දුම්රියේ බොරිස් ජොන්සන්ට අමතරව ස්වීඩනයේ හිටපු අගමැති කාල් බිල්ඩ්ට්, ජර්මානු චාන්සලර් ෆ්රෙඩ්රික් මෙර්ට්ස්ගේ ජ්‍යෙෂ්ඨ උපදේශක ගුන්තර් සවුටර් සහ බ්‍රිතාන්‍ය ජාතික ආරක්ෂක උපදේශක ජොනතන් පවල් ද ගමන් කර ඇත.
බොරිස් ජොන්සන් මෙම ප්‍රහාරය අහඹු සහ තේරුමක් නැති ප්‍රහාරයක් ලෙස හඳුන්වා දුන් අතර, යුක්රේන වැසියන් දිනපතා මෙවැනි තත්ත්වයන්ට මුහුණ දෙන බව පැවසීය.
මේ අතර, රුසියානු ඩීසල් පිරිපහදු ඉලක්ක කරමින් යුක්රේනය එල්ල කරන ඩ්‍රෝන ප්‍රහාර නතර කරන ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කීගෙන් ඉල්ලීමක් කර ඇති අතර, එමගින් ලෝක වෙළඳපොළේ ඉන්ධන හිඟයක් ඇතිවන බව ඔහු පෙන්වා දී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart