
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආර්. ප්‍රේමදාස අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් Major Club T20 අර්ධ අවසාන පූර්ව තරඟයේදී වේගපන්දු යවන ක්‍රීඩක චාමික ගුණසේකර බරපතළ ලෙස ආබාධයකට ලක්ව ඇති අතර, එහිදී ක්‍රීඩාංගණයේ පැවැති ප්‍රථමාධාර සහ හදිසි වෛද්‍ය පහසුකම්වල පවතින දැඩි අඩුව පාඩුව සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වී තිබේ.
SSC සහ NCC කණ්ඩායම් අතර විදුලි ආලෝකය මධ්‍යයේ පැවැති මෙම තරඟයේදී, පන්දුවක් යැවීමට පැමිණි අවස්ථාවේ පාදය අයහපත් ලෙස බිම තැබීම හේතුවෙන් චාමික ගුණසේකර මහත් වේදනාවෙන් ඇද වැටී තිබේ.
සිද්ධිය වන අවස්ථාවේදී ක්‍රීඩාංගණය තුළ වෛද්‍යවරයකු, ගිලන් රථයක් හෝ අවම වශයෙන් සතුටුදායක ස්ට්‍රෙචරයක්වත් නොතිබූ බව වාර්තා වේ.
ආබාධයට ලක්වූ ක්‍රීඩකයාව ක්‍රීඩා පිටියෙන් ඉවතට ගෙන යෑම සඳහා අවසානයේදී භාවිත කිරීමට සිදුව ඇත්තේ ක්‍රීඩකයන්ගේ සම්බාහන කටයුතු සඳහා භාවිත කරන ‘මසාජ් ඇඳක්'(Massage bed) බව ක්‍රීඩකයෙක් තහවුරු කර තිබේ.
නිසි ප්‍රවාහන හා වෛද්‍ය පහසුකම් නොමැතිවීම නිසා ආබාධිත ක්‍රීඩකයාව රෝහල වෙත ගෙන යෑමට විනාඩි 45කට ආසන්න දීර්ඝ කාලයක් ගතවී ඇත.
ජාතික මට්ටමේ ප්‍රමුඛතම ක්‍රීඩාංගණයක මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ කාර්යසාධන මධ්‍යස්ථානය පිහිටි ස්ථානයක මෙවැනි වගකීම් විරහිත වෛද්‍ය සැකසුම් පැවතීම සම්බන්ධයෙන් ක්‍රීඩකයන් සහ බලධාරීන් සිය කණගාටුව හා විරෝධය පළ කර සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart