September 14, 2026

මිනුවන්ගොඩ පොලිස් බලප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක වැඩවිසූ 11 හැවිරිදි කුඩා සාමණේර හිමිනමක් උඩුදුම්බර, කයිකාවල ප්‍රදේශයේදී හීන් ගඟේ ගිලී අවාසනාවන්ත ලෙස අපවත් වීමේ පුවතක් වාර්තා වේ.

උඩුදුම්බර ප්‍රදේශයේ පැවැති දානමය පුණ්‍යකර්මයකට සහභාගී වීම සඳහා උන්වහන්සේ තවත් හිමිවරුන් කිහිපනමක් සමඟ එම ප්‍රදේශයට වැඩම කර තිබේ.

අදාළ පුණ්‍යකර්මයට සහභාගී වීමට ප්‍රථම, වැඩම කළ සංඝරත්නය කයිකාවල ප්‍රදේශයේ පිහිටි හීන් ගඟෙන් දිය නෑමට ගිය අවස්ථාවේදී මෙම ඛේදනීය අනතුර සිදුවී ඇත.

දිය නාමින් සිටියදී අවාසනාවන්ත ලෙස ගඟේ ගිලීමෙන් උන්වහන්සේ අපවත් වී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් උඩුදුම්බර පොලිසිය විසින් පූර්ණ විමර්ශනයක් ආරම්භ කර ඇත.