September 14, 2026

2021 වසරේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවැති විවාහක රූ රැජිණ අවසන් මහා තරගයේදී විවාහක රූ රැජිණ ලෙස තේරී පත් වූ පුෂ්පිකා ද සිල්වාගේ කිරුළ බලහත්කාරයෙන් ඉවත්කර ඇයට පහරදීම ඇතුළු චෝදනා ලබා සිටි කැරොලයින් ජූරි සහ චූලා පත්මේන්ද්‍ර යන විත්තිකාරියන් නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

දීර්ඝ නඩු භාගයකින් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ විත්තිකාරියන්ට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බවයි.

විත්තිකාර චූලා පද්මේන්ද්‍ර මේ වන විට මියගොස් සිටින බව ද මෙහිදී අධිකරණයට දැනුම් දෙනු ලැබිණි.