
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඩුබායි හිදී පැවැති කාන්තා ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්කරමින් ශූරතාව දිනාගැනීමට ඉන්දියානු කාන්තා කණ්ඩායම සමත් වුවද, ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති මොහ්සින් නක්ෂ්විගෙන් ජයග්‍රාහී කුසලානය ලබාගැනීම ඉන්දීය කණ්ඩායම ප්‍රතික්ෂේප කර ඇත.
ත්‍යාග ප්‍රදානෝත්සවයේදී ආසියානු ක්‍රිකට් කවුන්සිල සභාපතිවරයා ඇතුළු නිලධාරීන් ජයග්‍රාහී කුසලානය භාරදීමට වේදිකාව මත බලා සිටියද, ඉන්දීය ක්‍රීඩිකාවන් කිසිවෙකුත් කුසලානය ලබාගැනීමට ඉදිරියට පැමිණ නැත.
ඉන්දීය කණ්ඩායම ප්‍රදානෝත්සවය වර්ජනය කළද, අනුශූරතාව දිනාගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සාමාන්‍ය පරිදි උත්සවයට සහභාගී වී අනුශූරතාව සඳහා වන මුදල් ත්‍යාගය ලබාගැනීමට කටයුතු කරන ලදී.
මෙම සිදුවීම 2025 පිරිමි ආසියානු කුසලාන අවසන් තරගයේදී සිදුවූ සිදුවීමට මුළුමනින්ම සමාන වේ.
එවර ද ශූරතාව දිනූ ඉන්දීය පිරිමි කණ්ඩායම මොහ්සින් නක්ෂ්විගෙන් කුසලානය ලබාගැනීම ප්‍රතික්ෂේප කර තිබිණි.
ආසියානු ක්‍රිකට් කවුන්සිල සභාපති සහ පාකිස්ථාන ක්‍රිකට් මණ්ඩලයේ සභාපති ධුරයන්ට අමතරව මොහ්සින් නක්ෂ්වි යනු පාකිස්ථානයේ වත්මන් ස්වදේශ කටයුතු අමාත්‍යවරයාද වේ.
ඉන්දියාව සහ පාකිස්ථානය අතර පවතින දැඩි දේශපාලන නොසන්සුන්තාවන් මුල් කරගනිමින්, පාකිස්ථාන අමාත්‍යවරයකුගෙන් කුසලානය ලබාගැනීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සහ ක්‍රීඩිකාවන් කැමැත්ත පළ කර නොමැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart