
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා ඝාතනය කිරීමට තැත්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා වසර 14ක් පුරා රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවකුට ඇප ලබාදීමට අභියාචනාධිකරණය ගත් තීරණයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට නීතිපතිවරයා පියවර ගෙන තිබේ.
මෙලෙස ඇප හිමිව ඇත්තේ එල්.ටී.ටී.ඊ. සාමාජිකයකු බවට සැකකෙරෙන තම්බයියා ප්‍රකාශන් නමැති සැකකරුටය.
අදාළ සැකකරු මුදාහැරීම මගින් කොළඹ මහාධිකරණයේ ඔහුට සහ තවත් දෙදෙනකුට එරෙහිව විභාග වන නඩුවට බලපෑමක් එල්ල විය හැකි බව නීතිපතිවරයා පෙන්වා දී ඇත.
සැකකරුට එරෙහිව චෝදනා 230ක් එල්ල වී ඇති අතර, නඩුව මේ වන විට අවසන් අදියරේ පවතින බවද නීතිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ අභියාචනයක් සලකා බැලීමෙන් අනතුරුව, රුපියල් 200,000ක මුදල් ඇප සහ ඇපකරුවන් සිව්දෙනකුගේ ශරීර ඇප මත සැකකරුට ඇප හිමි විය.
මෙම සැකකරු 2009 වසරේදී අත්අඩංගුවට ගෙන ඇති අතර 2012 සැප්තැම්බර් 20 වැනි දින ඔහුට එරෙහිව නීතිපති විසින් අධිචෝදනා ගොනුකර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart