
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලෝකයේ පිළිගත් රටවල් 195 ම සංචාරය කළ ළාබාලතම පුද්ගලයා ලෙස සැලකෙන කැමරන් මොෆිඩ්, ශ්‍රී ලංකාව කුඩා රටක් වුවද එහි විවිධත්වයෙන් පිරි අත්දැකීම් ලබාගත හැකි බව පවසමින් අපේ රටට දැඩි ලෙස ප්‍රශංසා කර තිබෙනවා.
තම සමාජ මාධ්‍ය ගිණුම්වල පැවැත්වූ පෝඩ්කාස්ට් වැඩසටහනකට එක්වෙමින් ඔහු පවසා ඇත්තේ, නේපාලය සහ මැලේසියාවට වඩා ශ්‍රී ලංකාව තුළ තමන් ලැබූ අත්දැකීම්වලට වඩාත් කැමති බවයි.
“මගේ හදවතින්ම මම ශ්‍රී ලංකාවට ආදරෙයි. එහි තිබෙන්නේ ඉතා සරුසාර පරිසරයක් සහ මනරම් ස්වාභාවික සෞන්දර්යයක්. ස්වාභාවික පරිසරය, වනජීවීන් සපිරි ශ්‍රී ලංකාව කියන්නේ තවමත් නිසි ඇගයීමක් ලැබී නැති වටිනා රටක්” යනුවෙන් මොෆිඩ් සඳහන් කර සිටිනවා.
“ශ්‍රී ලංකාව කියන්නේ නියම රටක්. එය ප්‍රමාණයෙන් ගොඩක් කුඩා වුණාට නැරඹීමට සහ කිරීමට ගොඩක් දේවල් තියෙනවා. ඒ වගේම වියදම සූක්ෂමයි, මිනිස්සුත් හරිම හොඳයි” යනුවෙන්ද ඔහු වැඩිදුරටත් එකතු කර තිබෙනවා.
තමන් සංචාරය කළ වෙනත් ඇතැම් රටවලදී මුහුණදීමට සිදු වූ පරිසර දූෂණයට හෝ විවිධ වංචා සූක්ෂමතාවලට ශ්‍රී ලංකාව තුළදී මුහුණ දීමට සිදුනොවූ බවද ඔහු එහිදී පවසා සිටිනවා.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart