
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන්තොටුපළ පරිශ්රයේ සැරිසරන මුවන්ට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මත්තල ගුවන් හමුදා කඳවුරට අනුයුක්ත නිලධාරියකු ඇතුළු ශ්රී ලංකා ගුවන් හමුදා සාමාජිකයන් පස්දෙනෙකු සහ සිවිල් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මත්තල පොලීසිය සඳහන් කළේ, සැකකරුවන් මුවන් ඝාතනය කර මස් සිවිල් පුද්ගලයන්ට අලෙවි කර ඇති බවට චෝදනා එල්ල වී ඇති බවයි.
වෙඩි තබා ඝාතනය කළ බවට සැකකෙරෙන මුවෙකුගේ මස් සහ හිස් කබලක්, එම වෙඩිතැබීම සඳහා භාවිත කළ බවට සැකකෙරෙන ගිනි අවියක් සහ පිහියක් ද පොලිසිය විසින් සොයාගෙන තිබේ.
එමෙන්ම මුව මස් ප්රවාහනය සඳහා භාවිත කළ බවට සැකකෙරෙන ගුවන් හමුදා ජීප් රථයක් සහ අදාළ නිලධාරියා භාවිත කළ යතුරුපැදියක් ද පොලිස් භාරයට ගෙන ඇත.
මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ගුවන්තොටුපළ පරිශ්රය තුළ මුවන්ට වෙඩි තබා ඝාතනය කිරීමෙන් අනතුරුව එම සතුන්ගේ මළසිරුරු ගුවන් හමුදා කඳවුර තුළ පිහිටි වැසිකිළියකට රැගෙන ගොස් මස් සඳහා සකස් කර ඇති බවයි.
පසුව එම මස් ගුවන්තොටුපළ පරිශ්රය වටා ඇති විදුලි වැටෙන් පිටත රැඳී සිටි සිවිල් පුද්ගලයන් දෙදෙනකු වෙත ලබාදී ඇති බවට ද පොලිලීසිය සඳහන් කරයි.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart