
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාතික ජන බලවේගයේ විධායක සභික ලාල් විජේනායක 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබේ.
අදාළ සංශෝධනය මහජන අනුමැතිය සඳහා ජනමතවිචාරණයකට යොමු කළ යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියි.
නිවේදනයක් නිකුත් කරමින් ලාල් විජේනායක පෙන්වාදෙන්නේ, 22 වැනි සංශෝධනයට එරෙහි වීම ආණ්ඩුව සහ විපක්ෂය අතර පවතින තරගයක් ලෙස පමණක් හුවා දැක්වීම මහජනතාව මුලා කිරීමක් බවයි. අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සහ විනයගරුක සමාජයක ජීවත් වීමට පුරවැසියන්ට ඇති අයිතිය සුරැකීම සඳහා කෙරෙන අරගලයක් ලෙස ඔහු මෙය විස්තර කරයි.
“ජනතාව හමුවේ ඇති තේරීම දේශපාලන පක්ෂයක් ආරක්ෂා කිරීම නෙමෙයි. දීර්ඝකාලීන කැපවීම සහ අරගලය තුළින් දිනාගත්, විනයගරුක සමාජයක විනයගරුක පුරවැසියන් ලෙස ජීවත් වීමේ අයිතිය අනාගත පරම්පරාව උදෙසා සුරක්ෂිත කර තැබීමයි” යනුවෙන් ඔහුගේ නිවේදනයේ දැක්වේ.
ඔහුගේ පෞද්ගලික පෙත්සමට අමතරව, ‘ප්රජාතන්ත්රවාදය සඳහා වූ නීතිඥයෝ’ සංවිධානයේ කැඳවුම්කරුවකු සහ ආරම්භක සාමාජිකයෙකු වන ලාල් විජේනායක, එම සංවිධානය මගින් ද තවත් පෙත්සමක් ගොනුකර ඇත. 22 වැනි සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි වගන්තියට පටහැනි වන බැවින් එය ජනමතවිචාරණයකින් අනුමත විය යුතු බව එම පෙත්සම මගින් පෙන්වාදෙයි.
22 වැනි සංශෝධනයට එරෙහිව පෙත්සම් ගොනුකිරීමේ කාලසීමාව අදින් අවසන් වීමට නියමිත අතර, මේ වන විටත් ඊට එරෙහිව අභියෝග රැසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart