
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2024 සැප්තැම්බර් ජනාධිපතිවරණයට සති කිහිපයකට පෙර කැඳවන ලද, වෙළෙඳ නියෝජිත අයිතිය යටතේ (dealer-owned) නව ඉන්ධන පිරවුම්හල් ඉදිකිරීමට සහ පවත්වාගෙන යෑමට අදාළ ටෙන්ඩරය අවලංගු කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.
‘වාණිජමය වශයෙන් වාසිදායක සහ උපායමාර්ගිකව වැදගත් ස්ථාන’ ඉලක්ක කරගනිමින්, නව ඉන්ධන පිරවුම්හල් ඉදිකිරීම සඳහා සුදුසු ස්ථාන හඳුනාගැනීමට අදහස් විමසීමේ දැන්වීමක් එම දිනවල පළකර තිබිණි.
එම ටෙන්ඩරය සඳහා අයැදුම්පත් 217ක විශාල සංඛ්‍යාවක් ලැබී තිබූ බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ පවසයි.
කෙසේවෙතත් පසුගියදා නිකුත්කළ නිවේදනයේ දක්වා ඇත්තේ “විද්‍යාත්මක ක්‍රමවේදයක් භාවිතයෙන් යෝජිත ස්ථාන හඳුනා ගැනීමක් සිදුකර නොමැති බැවින්, එම සියලුම අයැදුම්පත් අවලංගු කිරීමට තීරණය කර ඇති” බවයි.
යෝජිත ඉන්ධන පිරවුම්හල් සඳහා නිශ්චිත ස්ථාන දක්වා නොතිබූ බැවින් “පර්චස් 40 ක ඉඩමක් ඇති ඕනෑම අයකුට” අයැදුම් කිරීමට අවස්ථාව ලැබී තිබූ බවත්, එකිනෙකට ආසන්න ස්ථාන සඳහා ඉල්ලීම් විශාල ප්‍රමාණයක් ලැබී තිබූ බවත් කළමනාකාර අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කරයි. “ප්‍රායෝගිකව ඒ අයැදුම්පත් හසුරුවන්න බැරිවුණා. පිරවුම්හල් පහක් තියෙන ඇතැම් නගරවලින් තවත් පිරවුම්හල් පහකට අයැදුම්පත් ලැබිලා තිබුණා” යැයිද ඔහු පවසයි.
එම අවස්ථාවේදී සංස්ථාව අයැදුම්පතක් සඳහා අය කර තිබුණේ රුපියල් 25,000ක ක්‍රියාවලි ගාස්තුවක් (processing fee) පමණක් වන අතර, සංස්ථාව මේ වන විට එම ව්‍යාපෘතිය නිල වශයෙන් වසාදමා ඇත.
වෙන් වෙන් වශයෙන්, මොරටුව විශ්වවිද්‍යාලය සමඟ එක්ව සංස්ථාව විසින් සිදුකරන ලද විද්‍යාත්මක අධ්‍යයනයකින් නව ඉන්ධන පිරවුම්හල් මගින් ප්‍රතිලාභ ලැබිය හැකි නව ස්ථාන 70 ක් හඳුනාගෙන ඇති බව පවසන කළමනාකාර අධ්‍යක්ෂවරයා, එම ස්ථාන සඳහා අදහස් විමසීම් එකවර කැඳවනවාද නැතහොත් අදියර කිහිපයකින් කැඳවනවාද යන්න බලශක්ති අමාත්‍යාංශය විසින් තීරණය කරනු ඇති බවද වැඩිදුරටත් සඳහන් කරයි.
“මේවා කිලෝමීටර 20ක් ඇතුළත කිසිදු ඉන්ධන පිරවුම්හලක් නොමැති ප්‍රදේශ සහ දුරස්ථ ප්‍රදේශ වැනි සැබෑ අවශ්‍යතාවයක් ඇති ස්ථානයි. මේ ස්ථාන හඳුනාගත්තේ ඉඩම් තිබෙන පළියට නෙවෙයි, සැබෑ අවශ්‍යතාවය මත පදනම් වෙලයි” ඔහු පෙන්වාදෙයි.
නව තාක්ෂණික හා විද්‍යාත්මක සාධක පදනම් කරගනිමින්, නව පිරවුම්හල් පිහිටුවීම සඳහා උපායමාර්ගික සහ වාණිජමය වශයෙන් වාසිදායක ස්ථාන නැවත සමාලෝචනය කර අධ්‍යයනය කර ඇති බව ද ටෙන්ඩර අවලංගු කිරීමේ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart