
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මීගමුව බන්ධනාගාරය තුළ සිදු වූ ගැටුම්කාරී තත්ත්වයෙන් පුද්ගලයින් 32 දෙදෙනකු මියයෑමේ සිද්ධියට අදාළව, සැකකරුවන් හඳුනාගැනීමේ පෙරෙට්ටුව සඳහා ලබන සැප්තැම්බර් 08 වනදා අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස මීගමුව ප්‍රධාන ජේලර්වරයා ඇතුළු බන්ධනාගාර නිලධාරීන් 20 දෙනකුට නොතිසි නිකුත් කිරීමට මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා නියෝග කළාය.
මෙම සිද්ධියට අදාළ නඩුව ඉකුත් සිකුරාදා (28) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේදී නැවත කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පසුගිය නඩුවාරයේදී සැකකරුවන් ලෙස නම් කරන ලද 70 දෙනා අතුරින්, සැකකරු අංක 1 සිට 6 දක්වා වන පිරිස එදින හඳුනාගැනීමේ පෙරෙට්ටුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. කෙසේවෙතත්, සෞඛ්‍ය හේතූන් සහ වෙනත් අධිකරණ කටයුත්තක් හේතුවෙන් ඉන් සැකකරුවන් දෙදෙනකු එදින ඉදිරිපත් කිරීමට නොහැකි වී ඇත.
මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 2,100 කට අධික සංඛ්‍යාවකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත්, සිද්ධියට අදාළව තවත් පිරිසකගෙන් ප්‍රකාශ ලබාගැනීමට නියමිතව ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහිදී අධිකරණය හමුවේ වැඩිදුරටත් කරුණු වාර්තා කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart