
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තමා නීත්‍යනුකූලව නම වෙනස් කර ඇති බවට රජයේ අමාත්‍යවරයකු කළ ප්‍රකාශය අසත්‍ය බව හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් පවසයි.
අගෝස්තු 30 වන දිනැතිව Newswire පුවත් සේවය වෙත ලිපියක් යොමුකරමින් මහේන්ද්‍රන් සඳහන් කර ඇත්තේ එම චෝදනාව “සම්පූර්ණයෙන්ම අසත්‍ය” බවයි.
“මා නම වෙනස් කර ඇති බවට ශ්‍රී ලංකා රජයේ අමාත්‍යවරයෙකු ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර ඇති බවට මාගේ අවධානය යොමුව තිබෙනවා. එම චෝදනාව සම්පූර්ණයෙන්ම අසත්‍ය බව මා ඔබටත් ඔබේ පාඨකයන්ටත් දැනුම් දීමට කැමතියි,” මහේන්ද්‍රන් එම ලිපියේ සඳහන් කර ඇත.
ඔහු සිංගප්පූරුවේ ලිපිනයක් සහිතව ‘ලක්ෂ්මන් අර්ජුන මහේන්ද්‍රන්’ යන නමින් එම ලිපියට අත්සන් තබා තිබේ.
මහ බැංකු බැඳුම්කර සිද්ධියට සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටින හිටපු මහ බැංකු අධිපතිවරයා සිය නම “හාර්ජන් ඇලෙක්සැන්ඩර්” ලෙස වෙනස් කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවට මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල කළ ප්‍රකාශයකින් පසුව මෙම ප්‍රතිචාරය පැමිණ ඇත.
අමාත්‍යවරයා පවසා තිබුණේ මෙම නම වෙනස්කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු ලැබී ඇති බවත්, මහේන්ද්‍රන් සිංගප්පූරුවේ සිට ආපසු ගෙන්වාගැනීමට පවතින බාධා හමුවේ ඔහුව ශ්‍රී ලංකාවට ගෙන ඒම සඳහා විකල්ප නීතිමය මාර්ගයන් බලධාරීන් විසින් සොයාබලමින් සිටින බවත්ය.
2015 මහබැංකු භාණ්ඩාගාර බැඳුම්කර සිදුවීමට අදාළ නීතිමය කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන්ට අර්ජුන මහේන්ද්‍රන් අවශ්‍ය කර සිටියි.
ඔහුගේ මෙම නවතම ප්‍රකාශය මගින් තමාගේ අනන්‍යතාවය පිළිබඳ රජයේ ප්‍රකාශය සෘජුවම අභියෝගයට ලක්කර ඇති අතර, නීත්‍යානුකූලව නම වෙනස් කිරීමක් සිදුවී ඇත්ද නැද්ද යන්න සම්බන්ධයෙන් මහේන්ද්‍රන් සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර මතභේදාත්මක තත්ත්වයක් මතුකර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart