August 30, 2026

පවතින යථාර්ථය සැලකිල්ලට ගනිමින් පුද්ගල ආදායම් බද්ද අයකරනු ලබන උපරිම බදු ප්‍රතිශතය වන සියයට 36ට යටත් වන ආදායම් සීමාව තවත් වැඩිකළ හැකි ද යන්න පිළිබඳව අධ්‍යයනය කරමින් සිටින බව, කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ‘ඉරිදා ලංකාදීප’යට පවසා ඇත.

ඒ අනුව, එම සියයට 36 ක උපරිම බද්දට යටත් වන මාසික ආදායම් සීමාව රුපියල් ලක්ෂ 5, 6 සහ හත හමාර දක්වා වැඩිකළ හැකි ද යන්න එලෙස අධ්‍යයනය කරමින් සිටින බව අමාත්‍යවරයා පවසා තිබේ.

ආණ්ඩුව භාරගන්නා අවස්ථාවේ පුද්ගල ආදායම් බද්ද අයකරනු ලැබූ මාසික ආදායම් සීමාව රුපියල් ලක්ෂයක මට්ටමේ පැවති බව කී ඔහු එහෙත් ජනතාවගේ පැත්තෙන් සිතා එය රුපියල් එක් ලක්ෂ පනස්දහස දක්වා වැඩි කළ බව ද සඳහන් කර ඇත.