August 30, 2026

කොළඹ නිදහස් චතුරස්‍රය අසල අගෝස්තු 29 වැනි දින නොසැලකිලිමත් ලෙස ධාවනය කරන ලදැයි කියන මෝටර් රථ කිහිපයක් පොලිස් භාරයට ගැනීමට යෑමේදී තරුණ රියදුරකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසියට අනුව, ඊයේ පස්වරුවේ එම ප්‍රදේශයේ නොසැලකිලිමත් ලෙස ධාවනය වූ මෝටර් රථ හතරක් නිරීක්ෂණය වී ඇත. කුරුඳුවත්ත පොලිසිය මෙම වාහන නැවැත්වීමට උත්සාහ කර ඇති නමුත්, මෝටර් රථ තුනක් ප්‍රදේශයෙන් පළාගොස් තිබේ.

කෙසේවෙතත්, එක් මෝටර් රථයක් නවතා ගැනීමට සමත් වූ පොලිසිය එම වාහනය අත්අඩංගුවට ගෙන එහි සිටි 20 හැවිරිදි වියේ පසුවන රියදුරා ද අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අදාළ අවස්ථාවේ මත්ද්‍රව්‍ය භාවිත කර සිටියේදැයි තහවුරු කර ගැනීම සඳහා ඔහුව අධිකරණ වෛද්‍ය නිලධාරියකු වෙත යොමුකිරීමට නියමිතව තිබිණි.

එමෙන්ම අදාළ වාහනය අධිබලැති වාහනයක්ද යන්න තහවුරු කර ගැනීමට සහ වැඩිදුර පරීක්ෂණ සඳහා මෝටර් රථ පරීක්ෂකවරයකු වෙත යොමුකරන බව පොලිසිය පැවසීය.

පළාගිය සසු අනෙකුත් වාහන හඳුනාගැනීමට සහ සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.