August 26, 2026

ලෝක වෙළඳපලේ තෙල් මිල අඩුවනු ඇතැයි ජනතාව බලාපොරොත්තුවුව ද එලෙස සිදු නොවන බව මේ වනවිට ප්‍රායෝගිකව ඔප්පු වී ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ මැදපෙරදිග අර්බුදයට හේතු වී ඇති ඉරාන යුද්ධය නිමා කිරීමට යෝජනා කෙරුණු සාම ගිවිසුම් කිහිපයක් කඩාකප්පල් වී ඇති බවයි.

ඉරාන-ඇමෙරිකා එකඟතා පිළිබඳ අනාවැකි පළකළ නොහැකි බැවින් දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමේ කඩිනම් පියවර ගත යුතුව ඇතැයි ද එහිදී මන්ත්‍රීවරයා පැවසුවේය.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉරාන බලධාරීන් සාකච්ඡා සඳහා එළඹුන ද ප්‍රායෝගික විසඳුමක් නොමැති බව මේ වනවිට ප්‍රායෝගිකව දක්නට ඇති නිසා රටක් වශයෙන් සිදු කළ යුතු වන්නේ රුපියල ශක්තිමත් කිරීම බව ද මන්ත්‍රීවරයා යෝජනා කළේය.

එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ උද්ධමනය වළක්වා ගැනීම සඳහා අපනයන ඉහළ දමා ආනයන පාලනය කර ඩොලර් අතිරික්තයක් තබා ගෙන සිටීම සහ රුපියල ශක්තිමත් කිරීම රටට වාසිදායක පියවර බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේය.