
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සංවේදී තාක්ෂණික ක්ෂේත්රයන්හි නියැලී සිටින හෝ තම රජයට හිතවාදී නොවන ආයතනවල සේවය කරන තායිවාන ජාතිකයන් චීනය තුළදී අත්අඩංගුවට ගැනීමේ දැඩි අවදානමක් පවතින බව තායිවාන ජාතික ආරක්ෂක ආරංචි මාර්ග අනතුරු අඟවයි.
ඒ, බීජිං පාලනය විසින් හඳුන්වා දීමට නියමිත නව දේශසීමා පාලන නීති මාලාවත් සමඟයි.
ලබන සැප්තැම්බර් 15 වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත සංශෝධිත ඇතුළු වීම් සහ පිටවීම් රෙගුලාසි, ජාතික ඒකග්‍රතා නීති මෙන්ම අන්තර්ජාල තොරතුරු සේවා නීතිමය සංශෝධනයන් හරහා චීන බලධාරීන්ට අත්තනෝමතික ලෙස තීන්දු තීරණ ගැනීමේ පුළුල් බලතල හිමිවන බව නම හෙළි කිරීමට අකමැති වූ අදාළ ආරක්ෂක නිලධාරියා පැවසීය.
චීනයේ අභ්‍යන්තර ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා බීජිං පාලනය දැඩි ආරක්ෂිත පියවර ගනිමින් සිටින පසුබිමක, මෙලෙස සංවේදී තාක්ෂණික අංශවල නිරත හෝ තමන්ට විරුද්ධ ලෙස සලකන ආයතනවල සේවය කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට මෙම නීති භාවිත කළ හැකි බව ඔහු පෙන්වා දෙයි.
චීන නීතියට අනුව තායිවාන ජාතිකයන් ද චීන පුරවැසියන් ලෙස සැලකෙන අතර, ජාතික ආරක්ෂාවට හානි වන අයුරින් විදේශයන්හිදී නීති විරෝධී ක්‍රියාවල නිරත වන තැනැත්තන්ට චීනයට ඇතුළු වූ පසු නැවත වසර භාගයක සිට වසර 3ක් දක්වා කාලයකට රටින් පිටවීම තහනම් කිරීමට නව රෙගුලාසි මගින් ප්‍රතිපාදන සලසා ඇත.
එසේම, තාක්ෂණික හෝ කර්මාන්ත ක්ෂේත්රයේ ආරක්ෂාවට හානි වන අයුරින් ආනයන-අපනයන රෙගුලාසි උල්ලංඝනය කරන චීන පුරවැසියන්ට ද රටින් පිටවීම තහනම් කළ හැකිය.
චීනය තමන්ට අහිතකර යැයි සලකන පුද්ගලයන් ඉලක්ක කරගනිමින් මර්දනය දියත් කිරීමට ජාතික ඒකග්‍රතා නීති භාවිත කරන ආකාරයෙන්ම, මෙම නව ඇතුළු වීම් සහ පිටවීම් රෙගුලාසි ද අත්තනෝමතික ලෙස අර්ථ නිරූපණය කරමින් පුද්ගලයන් ඉලක්ක කිරීමට ඉඩකඩ පවතින බව අදාළ ආරක්ෂක නිලධාරියා වැඩිදුරටත් අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart