
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නවදිල්ලිය සහ මොස්කව් අතර උපායමාර්ගික හා ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, ඉන්දියාවට අපනයනය කරන පොහොර ප්‍රමාණය තවදුරටත් ඉහළ නැංවීමට රුසියාව සූදානම් බව ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
රුසියාවේ මොස්කව් නුවරදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් හමුවූ අවස්ථාවේදී රුසියානු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
ඉන්දීය ගොවීන්ගේ සහ කෘෂිකාර්මික ක්ෂේත්රයේ අවශ්‍යතා සපිරීම සඳහා රුසියාව නිරන්තරයෙන් කැපවෙන බව අවධාරණය කළ ජනාධිපති පුටින්, ඉන්ධන මෙන්ම පොහොර ද දෙරට අතර ආර්ථික සහයෝගීතාවයේ ප්‍රධානතම පදනමක් බව පෙන්වා දුන්නේය.
“අපි ඉන්දීය කෘෂිකර්මාන්තයේ අවශ්‍යතා වෙනුවෙන් පොහොර සැපයුම දැනටමත් ඉහළ නංවා තිබෙනවා. එම සැපයුම් තවදුරටත් සපයන්නට අපි සූදානම්,” යනුවෙන් ඔහු සඳහන් කළේය.
රුසියාව දැනටමත් ඉන්දියාවට යූරියා ඇතුළු ඛනිජ පොහොර සපයන ප්‍රධානතම රට බවට පත්ව සිටින අතර, 2025 වසර වන විට රුසියාවෙන් ඉන්දියාවට සිදුකළ පොහොර ආනයනය සියයට 40 කින් පමණ ඉහළ ගොස් තිබේ.
2025 දෙසැම්බර් මාසයේදී සිදුකළ නවදිල්ලි සංචාරයේදී ද ජනාධිපති පුටින් පොහොර ක්ෂේත්රය දීර්ඝකාලීන සහයෝගීතා කලාපයක් ලෙස හඳුනාගත් අතර, දීර්ඝකාලීන සැපයුම් ගිවිසුම් මෙන්ම ඒකාබද්ධ ව්‍යාපාර (Joint Ventures) ආරම්භ කිරීම කෙරෙහි ද මෙහිදී අවධානය යොමු විය. ද්වීපාර්ශ්වික වෙළඳාමේ සිදුවන මෙම වර්ධනය දෙරටේම ආර්ථික ස්ථාවරත්වයට බෙහෙවින් ඉවහල් වන බව විදේශ විචාරකයෝ පෙන්වා දෙති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart