
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජපානයේ ටෝකියෝ අගනුවර ආසන්න ප්‍රදේශයක අද අලුයම රිච්ටර් මාපකයේ 5.9ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් සිදුවී තිබේ. මෙයින් පුද්ගලයින් අවම වශයෙන් 37 දෙනෙකු තුවාල ලබා ඇති අතර, නගරයේ ප්‍රවාහන සේවාවලට ද බාධා එල්ල වී ඇත.
මෙම භූමිකම්පාවත් සමඟ ටෝකියෝ අගනුවර සහ ඒ අවට ප්‍රදේශ දැඩි ලෙස සලිත වී තිබේ.
සිද්ධියත් සමඟ ක්‍රියාත්මක වූ රාජ්‍ය හදිසි අනතුරු ඇඟවීමේ පද්ධති මගින් වීදි පුරා අනතුරු ඇඟවීමේ සයිරන් ශබ්ද විකාශනය කෙරුණු අතර, බලපෑමට ලක්වූ ප්‍රදේශවල ජංගම දුරකථන වෙත ද හදිසි පණිවිඩ යොමු කර ඇත.
ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය සඳහන් කළේ ටෝකියෝ නගරයට ආසන්න ඉබරාකි ප්‍රාන්තයේ දකුණු ප්‍රදේශයේ කිලෝමීටර 68ක් ගැබුරින් මෙම භූකම්පනය හටගෙන ඇති බවයි. කෙසේ වෙතත්, මෙයින් සුනාමි අවදානමක් මතුව නොමැති බව ද එම ඒජන්සිය තහවුරු කරයි.
ඇමෙරිකානු භූ විද්‍යාත්මක සමීක්ෂණ ආයතනය මගින් මෙම භූමිකම්පාවේ ප්‍රබලත්වය රිච්ටර් මාපකය 5.8ක් ලෙස සටහන් කර තිබිණි.
ජපානයේ ගිනි නිවීම් සහ ආපදා කළමනාකරණ ඒජන්සිය පැවසූ පරිදි අවම වශයෙන් පුද්ගලයන් 37 දෙනෙකු සුළු තුවාල ලබා ඇත. ටෝකියෝවට දකුණින් පිහිටි යොකොහාමා හි පදිංචි 80 හැවිරිදි කාන්තාවක භූමිකම්පාවෙන් පසු ඇඳෙන් නැගිටීමට යාමේදී ඇදවැටී ඉණ ප්‍රදේශයට හානි සිදුවීම වාර්තා වූ බරපතලම සිදුවීම ලෙස සටහන් වේ.
නැගෙනහිර ජපාන දුම්රිය සමාගමට අනුව, මෙම අලුයම සිදුවූ භූකම්පනය හේතුවෙන් ඉරිදා උදෑසන කාලයේ ටෝකියෝ කලාපීය දුම්රිය ගමනාගමනයට බාධා එල්ල විය.
මීට අමතරව, ටෝකියෝවට උතුරින් පිහිටි සයිටාමා ප්‍රදේශයේ ගොඩනැගිල්ලකට ද සුළු හානි සිදුව ඇති බව ආපදා කළමනාකරණ ඒජන්සිය පවසයි. අගනුවර නාගරික ප්‍රදේශයක ජල ප්‍රධාන මාර්ගයක් පිපිරී යාමේ සිද්ධිය මෙම භූමිකම්පාවට සම්බන්ධ ද යන්න පිළිබඳව බලධාරීන් පරීක්ෂණ පවත්වයි.
සෙනසුරාදා දිනයේ ප්‍රදේශයට ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් පස බුරුල් වී ඇති බැවින්, මෙම භූකම්පනයත් සමඟ නායයෑම් අවදානම ඉහළ ගොස් ඇති බවට කාලගුණ විද්‍යා ඒජන්සිය අනතුරු අඟවා ඇත. ඉදිරි දිනවලදී පසුකම්පන සිදුවීමේ හැකියාවක් පවතින බවට ද ජනතාවට දැනුම් දී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart