
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් රැකියාවල යෙදවීමේ පනත යටතේ වන වරදවල් සඳහා දැනට පවතින රුපියල් 10,000 ක දඩ මුදල රුපියල් 100,000 දක්වා ඉහළ නැංවීමට යෝජිත සංශෝධන පනත් කෙටුම්පත හරහා පියවර ගෙන ඇති අතර, එමගින් ශ්‍රී ලංකා නීතිය අන්තර්ජාතික කම්කරු සංවිධානයේ සම්මුතීන්ට අනුකූලව යාවත්කාලීන වේ.
අගෝස්තු 20 වැනිදා පාර්ලිමේන්තුවේදී දෙවැනි වර කියවීමට නියමිත මෙම පනත් කෙටුම්පත, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රාජපක්ෂගේ සභාපතිත්වයෙන් රැස්වූ අධ්‍යාපනය, මානව බලය සහ මානව ප්රාග්ධනය පිළිබඳ පාර්ලිමේන්තු රංශික අධීක්ෂණ කාරක සභාවේදී පසුගියදා සලකා බලන ලදී.
වර්තමාන තත්ත්වය හමුවේ දැනට පවතින දඩ මුදල් මෙම නීතිවිරෝධී කටයුතු වැළැක්වීමට ප්‍රමාණවත් නොවන බව කම්කරු අමාත්‍යාංශයේ නිලධාරීන් මෙහිදී පෙන්වාදී ඇත.
මෙම පනත මගින් වයස අවුරුදු 16ට අඩු ළමයින් රැකියාවල යෙදවීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති අතර, වයස අවුරුදු 16-18 අතර පසුවන්නන්ගේ රැකියා නියාමනය කරමින් ඔවුන්ගේ සෞඛ්‍යයට, ආරක්ෂාවට හෝ සදාචාරයට හානි සිදුවිය හැකි ආපදා සහිත රැකියාවල යෙදවීම තහනම් කර ඇත.
2003 වසරේදී ගෙන ආ සංශෝධන මගින් රුපියල් 10,000 දක්වා දඩයක්, මාස 12 දක්වා සිරදඬුවමක් හෝ ඒ දෙකම පැනවීමටත්, අදාළ දරුවන්ට වන්දි ගෙවීමට නියෝග කිරීමටත් අධිකරණයට බලය හිමිවිය. නව පනත් කෙටුම්පත මගින් පනතේ 7(3), 13(2) සහ 20(අ)(3) යන වගන්තිවල සඳහන් අවම දඩ මුදල් මෙලෙස යාවත්කාලීන කර ඇත.
මෙම සංශෝධනය කාලීන අවශ්‍යතාවයක් බව පිළිගත් කාරක සභා සාමාජිකයන් ඊට සිය අනුමැතිය ලබාදී තිබේ.
මීට අමතරව, කම්කරු අමාත්‍යාංශය, කම්කරු දෙපාර්තමේන්තුව, මානව බල හා රැකියා දෙපාර්තමේන්තුව, ජාතික වෘත්තීය ආරක්ෂණ හා සෞඛ්‍ය ආයතනය සහ ජාතික කම්කරු අධ්‍යයන ආයතනය යන ආයතනවල වාර්ෂික කාර්යසාධන වාර්තා ද මෙම රැස්වීමේදී සමාලෝචනය කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart