
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස හඳුනාගෙන සිටින 48 හැවිරිදි ෂෙරාන් බාසික් නැමැත්තා පැය 72ක රඳවා ගැනීමේ නියෝග මත තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලැබී ඇති බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.
දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මෙම සැකකරු ඩුබායි හිදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඊයේ (14) දින නැවත ශ්‍රී ලංකාව වෙත ර රැගෙන එනු ලැබීය.
පොලිසිය සඳහන් කරන්නේ මත්ද්‍රව්‍ය කාර්යාංශය, දෙහිවල සහ මිරිහාන පොලිස් ස්ථාන මගින් විමර්ශනය කරන මත්ද්‍රව්‍ය ජාවාරම්, කළුතර සහ දෙහිවල පොලිස් බලප්‍රදේශවලට අදාළ ගිනිඅවි ළඟ තබා ගැනීම්, පිළියන්දල පොලීසිය මගින් විමර්ශනය කෙරෙන භයානක ආයුධ ළඟ තබා ගැනීම් මෙන්ම කොළඹ අපරාධ කොට්ඨාසය මගින් විමර්ශනය කරන නීති විරෝධී රැස්වීම් සහ පහරදීම් සම්බන්ධයෙන් මොහුට එරෙහිව චෝදනා රැසක් එල්ල වී ඇති බවයි.
එමෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම සහ සංවිධානාත්මක අපරාධ මගින් මොහු නීතිවිරෝධී ලෙස විශාල වශයෙන් වත්කම් උපයාගෙන ඇති බවට පොලිසිය සැකකරන අතර, ඒ පිළිබඳ සොයා බැලීමටද විශේෂ විමර්ශන ආරම්භ කර ඇත.
පොලිස්පතිවරයාගේ විශේෂ උපදෙස් මත ඉදිරි විමර්ශන කටයුතු සිදුකරන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart