
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඝාතනයට ලක්වූ සිය මවගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා සහභාගී වීමට අවසර නොඉල්ලීමට, දැනට බන්ධනාගාර ගතව පසුවන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නිර්මල ප්‍රසංග නොහොත් ‘බැකෝ සමන්’ තීරණය කර ඇති බව බන්ධනාගාර අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
පසුගිය 12 වනදා පස්වරුවේ මිද්දෙණිය, උලහිටියාව ප්‍රදේශයේ පිහිටි ඇගේ නිවසේදී සිදුකළ වෙඩි තැබීමකින් 57 හැවිරිදි එම්. ඒ. රේණු මල්කාන්ති නැමැති ඇය ජීවිතක්ෂයට පත්වූවාය.
පොලිස් පරීක්ෂණවලදී දැනට අනාවරණය වී ඇත්තේ, විදෙස්ගතව සැඟව සිටින ‘කරන්දෙණියේ සුද්දා’ නමැත්තා විසින් ‘ගණේමුල්ලේ සංජීව’ ඝාතනයට පළිගැනීමක් ලෙස මෙම ප්‍රහාරය මෙහෙයවා ඇති බවයි.
බන්ධනාගාරයේ සිටින බැකෝ සමන් සුවදුක් විමසීමට නොයන ලෙස කරන්දෙණියේ සුද්දා විසින් මීට පෙර මියගිය මව වෙත දැඩි ලෙස තර්ජනය කර තිබූ බවත්, එම තර්ජන නොසලකා ඇය පුතු හමුවීමට බන්ධනාගාරය වෙත පැමිණීම මෙම ඝාතනයට ආසන්නතම හේතුව වී ඇති බවත් පොලීසිය සැකකරයි.
තමා අවමංගල්‍ය උත්සවයට සහභාගී වුවහොත් පවතින ආරක්ෂක තර්ජන හමුවේ සූරියවැව ප්‍රදේශයේ තවත් පිරිසකට හානියක් සිදුවීමට ඉඩ ඇති බැවින් මෙම තීරණය ගත් බව බැකෝ සමන් ප්‍රකාශ කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ. සිද්ධිය සම්බන්ධයෙන් ඌරුබොක්ක සහ මිද්දෙණිය පොලිස් කණ්ඩායම් කිහිපයක් වැඩිදුර විමර්ශන මෙහෙයවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart