August 15, 2026

කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන WhatsApp සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ සංසරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාම්පූරිය ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකු වාරියපොල පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ වින්දිත කාන්තාව විසින් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කරන ලද පැමිණිල්ලකට අනුව, අගෝස්තු 13 වන බ්‍රහස්පතින්දා දින ආණමඩුව පොලිස් බලප්‍රදේශය තුළදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි වාර්තා වේ.

පොලිසිය සඳහන් කළේ අදාළ කොට්ඨාසයට අනුයුක්ත විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වාරියපොල පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබයි.