
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාතික ජන බලවේගයේ ආණ්ඩුව අඛණ්ඩව බලයේ රැඳීසිටිනු ඇති බවත්, මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී තමන් මහනුවර දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීමට බලාපොරොත්තු නොවන බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත ප්‍රකාශ කළේය.
සදාකාලිකව බලයේ සිටීමේ අරමුණින් තමන් ධුරයට පත්නොවූ බවත්, ධුරය අහිමි වුවද දේශපාලන තීන්දු ගැනීමට සූදානම් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගියදා සිදුකළ ප්‍රකාශය පිළිබඳව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සහ ආණ්ඩුව දීර්ඝ කාලයක් පවතින බවට කෙරෙන ප්‍රකාශ අතර කිසිදු පරස්පරතාවක් නොමැති බව පෙන්වාදුන් අමාත්‍යවරයා, දේශපාලන ව්‍යාපාරයක් ඉදිරියට පවත්වාගෙන යාම සහ පුද්ගලයකු තනිව ධුරයක රැඳීසිටීම යනු කරුණු දෙකක් බව සඳහන් කළේය.
“ජනාධිපතිවරයා මීළඟ මැතිවරණයට තරඟ නොකිරීමට තීරණය කරන්න පුළුවන්. ඒක එතුමාගේ සහ පක්ෂයේ තීරණයක්. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ අපේ පැත්තෙන් තරඟ කරන්න වෙන කවුරුත්ම නැහැ කියලා.” යැයි හෙතෙම සඳහන් කළේය.
පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට පවා තරඟ කිරීමට තමන්ගේ ආරම්භක බලාපොරොත්තුවක් නොතිබූ බවත්, ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත තරඟ කළ බවත් හෙළිකළ අමාත්‍යවරයා, මියයන තෙක් මෙවැනි තනතුරුවල රැඳීසිටීමේ අවශ්‍යතාවක් නොමැති බවද සඳහන් කළේය.
කෙසේවෙතත්, තමන් පාර්ලිමේන්තුවෙන් හෝ අමාත්‍ය ධුරයෙන් ඉවත් වූවද දේශපාලනයෙන් ඉවත් නොවන බවත්, පක්ෂයේ මහලේකම් ටිල්වින් සිල්වා මෙන් මන්ත්‍රී ධුර දරන්නේ නැතිවද සක්‍රීය දේශපාලනයේ නිරත විය හැකි බවත් ඔහු පෙන්වාදුන්නේය.
වත්මන් ආණ්ඩුව සාම්ප්‍රදායික ආණ්ඩු මාරුවකින් පැමිණි එකක් නොවන අතර, දැවැන්ත මහජන නැගිටීමකින් පසුව සිදුවූ මැතිවරණ හරහා ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතිය සම්පූර්ණයෙන්ම වෙනස් කරමින් බලයට පැමිණි එකක් බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
එමෙන්ම, ජාතික ජන බලවේගය බලයට පැමිණි ආකාරය හමුවේ සාම්ප්‍රදායික විපක්ෂය දැඩි ලෙස අඩපණ වී ඇති බවත්, විපක්ෂ නායකවරයා ලෙස සජිත් ප්‍රේමදාස කටයුතු කළද, ආණ්ඩුවට එරෙහි ඡන්දදායකයන් එකතු කරගත හැකි වෙනත් විකල්ප නායකයකු විපක්ෂයේ මතුව නොමැති බවත් අමාත්‍ය ලාල්කාන්ත වැඩිදුරටත් කියාසිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart