
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට ආණ්ඩුව ගෙන එන 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල තර්ජනයක් එල්ල වන බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ වාර්තාකාරිනී මාග්‍රට් සැටර්ත්වේට් දැක්වූ අදහස් අගය කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබේ.
තමන්ගේ ‘X’ ගිණුමේ සටහනක් තබමින් විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ, දැනට සේවයේ නියුතු විනිසුරුවරුන්ටද අදාළ වන පරිදි මෙම වයස් සීමාව දීර්ඝ කිරීමට ආණ්ඩුව මෙතරම් දේශපාලන බලයක් යොදවන්නේ “තමන් මිලදී ගන්නේ කාගේ අවුරුදු දෙකද” යන්න පිළිබඳව ආණ්ඩුවට පැහැදිලි අවබෝධයක් ඇති නිසා බවයි.
යම් ආණ්ඩුවකට විනිසුරුවරයකුගේ ධුර කාලය තීරණය කිරීමට බලය ලැබෙන්නේ නම්, එම විනිසුරුවරයාට ආණ්ඩුවට එරෙහිව නිදහස් තීන්දුවක් දීමට ඇති හැකියාව අහිමි වන බවද ඔහු අවධාරණය කරයි.
රට තුළ පවතින ලක්ෂ 11කට අධික නඩු ප්‍රමාදයට මෙම සංශෝධනයෙන් කිසිදු විසඳුමක් නොලැබෙන බවත්, ආණ්ඩුව මෙම සංශෝධනය ඉදිරියට ගෙන යන්නේ නම් 2022 ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් ජනතාව දැනුවත් කර ජනමත විචාරණයකට යා යුතු බවත් සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් සඳහන් කරයි.
එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකාරිනිය ද සිය නිවේදනය මගින් පෙන්වා දී තිබුණේ, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීමේදී විනිවිදභාවයක් සහ පුළුල් සංවාදයක් නොමැති වුවහොත්, එය යම් නිශ්චිත විනිසුරුවරුන් පිරිසකට වාසි සැලසීම සඳහා සිදුකරන ලද්දක් බවට සමාජය තුළ මතයක් ගොඩනැගිය හැකි බවත්, එය අධිකරණය කෙරෙහි පවතින ජනතා විශ්වාසය සහ අධිකරණ ස්වාධීනත්වය බිඳවැටීමට හේතු වන බවත්ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart