
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දිවයින පුරා දැනට පවතින වියළි කාලගුණික තත්ත්වයත් සමග ප්‍රදේශ කිහිපයක මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවදානම් මට්ටම දක්වා ඉහළ ගොස් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්යක්ෂ මෙරිල් මෙන්ඩිස් සඳහන් කළේ, දැනට පවතින මෙම වියළි කාලගුණය පහව යෑම සඳහා ප්‍රමාණවත් තරම් වැසි අපේක්ෂා කළ හැක්කේ ලබන ඔක්තෝබර් මාසය වන විට බවයි.
නැගෙනහිර පළාත මෙන්ම මොණරාගල සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.
මෙම තත්ත්වය හමුවේ එළිමහනේ කාලය ගත කිරීමේදී ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිත කරන ලෙසත්, නිතර නිතර විවේක ගනිමින් පිරිසිදු ජලය වැඩිපුර පානය කරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී. එමෙන්ම, රෝගීන් සහ වැඩිහිටියන් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතු බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කරයි.
“මෙම වසරේ එල් නිනෝ තත්ත්වයේ උපරිම බලපෑම අපි තවමත් දැකලා නැහැ. අගෝස්තු මාසයේ සිට එහි වර්ධනයක් නිරීක්ෂණය කිරීමට හැකියාව තිබෙනවා,” යනුවෙන් ඔහු පැවසීය.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, නොවැම්බර්, දෙසැම්බර් සහ ජනවාරි වන විට මෙම එල් නිනෝ තත්ත්වය ප්‍රබල මට්ටමකට වර්ධනය වීමේ 80% කට වඩා වැඩි සම්භාවිතාවක් පවතින බවයි. එහි බලපෑම ලබන වසරේ අප්‍රේල් මාසය දක්වාම පැවැතීමට ඉඩ ඇති බව ද ඔහු පැවසුවේය.
කෙසේ වෙතත්, ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් යන මාසවලදී දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එසේ වුවද, එල් නිනෝ තත්ත්වයේ බලපෑම හේතුවෙන් ලබන වසරේ මුල් මාස තුන තුළ නැවතත් වැසි තත්ත්වයේ අඩුවීමක් සිදුවිය හැකි බවට ද මෙරිල් මෙන්ඩිස් අනතුරු ඇඟවීය.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart