August 13, 2026

පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න අද (13) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනීසිටියේය.

කථානායකවරයා විසින් සිදුකළ බවට චෝදනා එල්ල වී ඇති නිල වාහන සහ නිල නිවාස අවභාවිතය පිළිබඳ සිදුවීමට අදාළව, චමින්ද කුලරත්න ඇතුළු පාර්ශ්වය විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකට අනුව අල්ලස් කොමිසම විමර්ශන ආරම්භ කර ඇත.

එම පැමිණිල්ල සම්බන්ධයෙන් වැඩිදුර ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු මෙලෙස අල්ලස් කොමිසම හමුවට කැඳවා තිබිණි.