
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින නිර්මල ප්‍රසංග හෙවත් ‘බැකෝ සමන්’ නමැත්තාගේ මව වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීම, සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ‘ගණේමුල්ල සංජීව’ ඝාතනය කිරීමට එරෙහිව පලිගැනීමක් ලෙස සිදුකරන්නට ඇති බවට පොලිසිය සැක කරයි.
එමෙන්ම, දැනට විදේශගතව සැඟව සිටින බවට විශ්වාස කෙරෙන ‘කරන්දෙණිය සුද්දා’ නමැත්තාගේ පාර්ශ්වය විසින් මෙම වෙඩි තැබීම මෙහෙයවා ඇති බවටද පොලිසිය වැඩිදුරටත් සැක පහළ කරයි.
ගණේමුල්ල සංජීව ඝාතනයට ආධාර අනුබල දුන් බවට ලද තොරතුරු මත, ‘කෙහෙල්බද්දර පද්මේ’ සමඟ ‘බැකෝ සමන්’ ද මෑතකදී ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගැණිනි.
මීට අමතරව ‘කජ්ජා’ නමැත්තා සහ ඔහුගේ දරුවන් දෙදෙනා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්ද බැකෝ සමන්ට චෝදනා එල්ල වී ඇති බව පොලිසිය පවසයි.
මේ අතර, බැකෝ සමන්ගේ මව ඝාතනය කිරීම සඳහා සැකකරුවන් පැමිණි බවට සැකකෙරෙන යතුරුපැදිය ඌරුබොක්ක ප්‍රදේශයේ අතහැර දමා තිබියදී සොයාගත් බව පොලිසිය පවසයි.
ඌරුබොක්ක – මාතර ප්‍රධාන මාර්ගයේ තේ වත්තක බෝක්කුවක් අසල අතහැර දමා තිබූ මෙම යතුරුපැදිය, ලද තොරතුරකට අනුව ඌරුබොක්ක පොලිසිය විසින් සොයාගෙන ඇත.
ඊයේ (12) මිද්දෙනිය පොලිස් බලප්‍රදේශයට අයත් උලහිටියාව ප්‍රදේශයේ නිවසකට පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබුණි.
වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලැබූ බැකෝ සමන්ගේ මව මිද්දෙනිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගියාය.
මෙම ඝාතනය සඳහා පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් භාවිතා කරන්නට ඇති බවට පොලිසිය වැඩිදුරටත් සැකකරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart