
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යාල ජාතික වනෝද්‍යානය තුළ සිදුකළ විශේෂ මෙහෙයුමකදී වනජීවී නිලධාරීන් සහ සැකකටයුතු දඩයක්කරුවන් පිරිසක් අතර ඇති වූ වෙඩි හුවමාරුවකින් පසු, තුවාල ලැබූ සැකකාර දඩයක්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
තණමල්විල පිහිටි යාල ජාතික වනෝද්‍යාන මූලස්ථානයට අනුයුක්ත වනජීවී නිලධාරීන් කණ්ඩායමක් විසින් අභයභූමිය තුළ වනසතුන් දඩයම් කළ බවට සැකකෙරෙන පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට උත්සහ කිරීමේදී මෙම වෙඩි තැබීම සිදුව ඇත.
මෙම වෙඩි හුවමාරුව අතරතුර සැකකරුවන් දෙදෙනෙකු පලාගොස් ඇති අතර, තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකු වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී මුව මස් තොගයක් සහ දේශීයව නිෂ්පාදිත ගිනි අවි දෙකක් සොයාගත් බව නිලධාරීහු පවසති.
සිද්ධියෙන් පසුව තුවාල ලැබූ සැකකරු රෝහල්ගත කර ඇත.
අනතුරුව තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ සැකකරු ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart