August 13, 2026

ශ්‍රී ලාංකික අලියා මෙරට ජාතික සත්වයා ලෙස පිළිගන්නා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉල්ලීමක් කර තිබේ.

ලෝක අලි දින වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රේමදාස සඳහන් කළේ, අලියා ශ්‍රී ලංකාවේ උරුමයේ සහ අනන්‍යතාවයේ අඛණ්ඩ කොටසක් බවයි.

අලි ඇතුන් මෙන්ම උන් සමඟ වෙසෙන ජනතාවද ආරක්ෂා කළ යුතු බවත්, එම සහජීවනය ජාතික වගකීමක් සහ කැපවීමක් බවට පත්කර ගත යුතු බවත් ඔහු සඳහන් කළේය.

“අපගේ ජාතික සත්වයා ලෙස ශ්‍රී ලාංකික අලියා පිළිගනිමු,” යැයි සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් පවසයි.