
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වෛද්‍ය කාර්ය මණ්ඩලයේ වරදින් ප්‍රසූත කරන මොහොතේම බිමට වැටුණු බිළිඳකු අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ මියගොස් ඇත.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ කල්ලන්චිය නම් ගම්මානයේ මවක් මෙම ඛේදනීය අත්දැකීමට මුහුණ දුන්නේ තම බිළිඳා ප්‍රසූත කිරීම සඳහා අනුරාධපුර රෝහලට මාරුකර යවා තිබියදීය.
ඇයගේ සැමියා වන 41 හැවිරිදි කුමාරසිංහ දිසානායක ජනමාධ්‍ය වෙත සිද්ධිය මෙසේ පවසා ඇත.
“මගේ බිරිඳ කල්ලන්ච්චිය රෝහලට ඇතුළත් කළා. එහිදී ඇයට සංකූලතා ඇති වුණා. ඇයව ගිලන් රථයකින් අනුරාධපුර රෝහලට රැගෙන ගියා. ඉන්පසුව, ඇයව දරු ප්‍රසූතිය සඳහා ලේබර් රූම් වෙත අරගෙන ගියා. ප්‍රසූත කරන මොහොතේ වෛද්‍ය කාර්ය මණ්ඩලයට දරුවා අල්ලා ගැනීමට නොහැකි වීම නිසා මගේ දරුවා බිම වැටී තිබුණා.”
වැඩිදුර පරීක්ෂණ සඳහා බිළිඳාගේ සිරුර දැන් මෘත ශරීරාගාරයේ තබා ඇත.
දරුවා නිසි ලෙස පරිණත වී නොමැති බව වෛද්‍යවරුන් පැවසුවද ඔවුන් වැටීම ගැන කතා නොකළ බව දරුවාගේ පියා පවසයි.
පශ්චාත් මරණ පරීක්ෂණයේදී දරුවා බිම වැටී ඇති බව තහවුරුවී ඇතැයි වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart