
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලක්ෂ 50 ක ණය මුදලක් ලබාගෙන එය නැවත ලබානොදීම හේතුවෙන් පැහැරගත් ව්‍යාපාරිකයකු බලංගොඩ ප්‍රදේශයේදී සොයාගත් බව නිට්ටඹුව පොලිසිය පවසයි.
2018 වර්ෂයේදී අදාළ පුද්ගලයා මෙලෙස ලක්ෂ 50 ක ණය මුදල ලබාගෙන ඇති අතර, වසර කිහිපයක් තිස්සේ එම මුදල නොගෙවීම හේතුවෙන් මුදල් දුන් පුද්ගලයා විසින් මෙම ව්‍යාපාරිකයා පැහැරගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි.
එලෙස පැහැරගෙන ගිය පුද්ගලයා මෙම ව්‍යාපාරිකයාගේ සොයුරියට ඇමතුමක් ලබාදී පවසා ඇත්තේ, මුදල ලබා නොදුනහොත් සොයුරා මරාදමන බවටයි.
එම ඇමතුමට පසු පැහැරගැනීමට ලක්වූ පුද්ගලයාගේ සොයුරිය නිට්ටඹුව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
එම පැමිණිල්ල අනුව විමර්ශන සිදුකර මෙම පුද්ගලයා බලංගොඩ ප්‍රදේශයේ දී සොයා ගත් බව පොලිසිය අනාවරණය කරයි.
පැහැරගැනීම සිදුකළ පුද්ගලයා මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර, ඔහු අත්අඩංගුවට ගැනීමට මේ වන විට විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart