
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලබන17 වැනිදා ආරම්භ වන කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය සදහා රතු කාඩ්පතක් හඳුන්වාදීමට තරග සංවිධායකයන් කටයුතු යොදා ඇත.
මෙවර තරගාවලියේදී පන්දු රකින කණ්ඩායම විසින් නියමිත වේලාවට පන්දු යැවීම සිදුනොකරන්නේ නම් තරගය අතරතුර පන්දු රකින කණ්ඩායමේ එක් ක්රිඩකයකු පිටියෙන් ඉවත් කිරීමට රතු කාඩ්පත නිකුත් කෙරේ.
ඒ අනුව, අවසන් පන්දුවාරය (20- over) නියමිත වේලාවට හෝ ඊට පෙර ආරම්භ නොකරන්නේ නම් රතු කාඩ්පත නිකුත් කර විනිසුරුවන් විසින් එක් පන්දු රකින්නෙකු ක්‍රීඩා පිටියෙන් ඉවත් කෙරේ.
එමෙන්ම,එහිදී පන්දු යවන්නන් 06 දෙනකු යාර 30 සීමාව තුළ රඳවා තැබිය යුතුවේ.
මේ අතර, 19 වැනි පන්දුවාරය නියමිත වේලාවට හෝ ඊට පෙර ආරම්භ නොකළහොත්, යාර 30 සීමාව තුළ සිටිය යුතු නියමිත පන්දු රක්න්නන්ට අමතරව ඊට එපිටින් සිටින අමතර පන්දු යවන්නන් දෙදෙනකුද යෙදිය යුතු වේ.
18 වැනි පන්දුවාරය ද නියමිත වේලාවට යැවීමට කටයුතු නොකළහොත් යාර 30 සීමාව තුළ සිටින නියමිත පන්දු රකින්නන් සංඛ්‍යාවට තවත් අමතර පන්දු රකින්නෙක් එනම් යාර 30 සීමාවේ එපිට සිටින ක්රිඩකයකු එක්කර ගැනීමට සිදු වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart