
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ගල් තලාවක් අසල තරුණයකුට පහරදීමේ සිදුවීමට සම්බන්ධ තරුණයන් දෙදෙනකු උඩුපුස්සැල්ලාව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ උඩුපුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචි දහසය සහ දහහත් වියේ පසුවන තරුණයන් දෙදෙනකු බව පොලීසිය පවසයි.
පහරදුන් තරුණයන් දෙදෙනා පහරකෑමට ලක්වූ තරුණයා හට ගංජා ගෙන ඒමට රුපියල් 1000ක මුදලක් ලබා දී තිබේ.
එහෙත් පහර කෑමට ලක් වූ තරුණයා ගංජා ඔවුන්ට ලබා නොදී රුපියල් දහසක මුදල සඟවාගත් හේතුව මෙම පහරදීමට මූලාරම්භය බව පොලිසිය අනාවරණය කරගෙන ඇත.
පහරදුන් තරුණයන් දෙදෙනාගෙන් එක් අයකුගේ බාල සොයුරා විසින් මෙම පහරදීම වීඩියෝ ගතකර සමාජ මාධ්‍යට මුදාහැර තිබිණි.
අනතුරුව පොලිසිය විසින් විමර්ශන සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart