
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදු වූ දැඩි හානි හේතුවෙන් මාස හතක් තිස්සේ තාවකාලිකව අත්හිටුවා තිබූ උඩරට දුම්රිය මාර්ගයේ නානුඔය සහ බදුල්ල ස්ථාන අතර මගී දුම්රිය සේවාවන් අද (20) සිට යළි ආරම්භ කර තිබේ.
අඹේවෙල සහ නානුඔය අතර පැරකුම්පුර ප්‍රදේශයේ දුම්රිය මාර්ගයට සිදු වූ නායයෑමක් හේතුවෙන් මීට පෙර දුම්රිය ධාවනය සීමාකර තිබූ අතර, එහිදී දුම්රිය ධාවනය කෙරුණේ අඹේවෙල සහ බදුල්ල අතර පමණි.
දුම්රිය ඉංජිනේරුවන්, සේවකයින්, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සහ පෞද්ගලික ආයතනයක් එක්ව අදාළ අවදානම් කොටස සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව මෙලෙස දුම්රිය ධාවනය යළි ආරම්භ කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.
ඒ අනුව, අද උදෑසන 9.00 ට නානුඔය දුම්රිය ස්ථානයේ පැවැති ආගමික වතාවත්වලින් අනතුරුව ‘පොඩි මැණිකේ’ දුම්රිය නානුඔය සිට බදුල්ල බලා සිය ධාවන කටයුතු යළි ආරම්භ කළාය.
මෙම අවස්ථාවට නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීර ආරච්චි සහ උඩරට දුම්රිය මාර්ගයේ විධායක ඉංජිනේරු ධනුෂ්ක ඇතුළු පිරිසක් සහභාගී වූහ.
මෙහිදී අදහස් දැක්වූ නිලධාරීන් සඳහන් කළේ, කොළඹ සිට බදුල්ල දක්වා වූ සමස්ත උඩරට දුම්රිය මාර්ගයේම සාමාන්‍ය දුම්රිය ධාවන කටයුතු මෙම වසර අවසන් වීමට පෙර සම්පූර්ණයෙන්ම යථාතත්ත්වයට පත්කිරීමට බලාපොරොත්තු වන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart