
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) විසින් ඉන්දියානු කර්මාන්ත සම්මේලනය (CII) සමඟ එක්ව සංවිධානය කරන ලද “ඉන්වෙස්ට් ශ්‍රී ලංකා” ආයෝජක සංසදය 2023 අගෝස්තු 9 වැනි දින චෙන්නායි හි ටාජ් කොරමන්ඩල් හෝටලයේදී සාර්ථකව අවසන් විය.
මෙම සංසදය සඳහා ඉන්දියාව පුරා විවිධ ක්ෂේත්රවල ආයෝජකයින් 180 දෙනෙකු සහභාගී විය.
මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මෙම සංසදයේ ප්‍රධාන කථිකයා විය.
සංසදයට සහභාගී වූවන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇති අතර, ආර්ථික ප්‍රතිසාධන ක්‍රියාවලියේදී මෙවැනි සංසදයක් සංවිධාන කිරීමට ගත් උත්සාහය ප්‍රශංසාවට ලක්වුණි.
ඉන්දියාවේදී මෙවැනි ආයෝජන ප්‍රවර්ධන වැඩසටහනක් පැවැත්වෙන්නේ වසර 10කට පමණ පසුව බව කොළඹ කොටස් වෙළෙඳපොළ සභාපති ඩිල්ශාන් වීරසේකර පැවසීය.
Ceylon Wire වෙත අදහස් දක්වමින් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ චෙන්නායි සංසදයේ දුටු සාර්ථක ආයෝජකයන්ගේ සහභාගීත්වය ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළට ඉදිරියෙදී වැඩි වශයෙන් ඉන්දීය ආයෝජකයන් ඇතුලත් වන ඇති බවට යහපත් සලකුණක් බවයි.
ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළේදී, ප්‍රාග්ධන වෙළෙඳපොළ ආයෝජන හරහා ඉන්දියන් මිතුරන්ගේ සහය ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් ලැබෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද ඩිල්ශාන් වීරසේකර විශ්වාසය පල කළේය.
“ඉන්වෙස්ට් ශ්‍රී ලංකා” ආයෝජක සංසදයේ දෙවැනි අදියර හෙට (11) මුම්බායි හිදී පැවැත්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart