
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
1996 වසරේදී කියුබාව සහ ෆ්ලොරිඩාව අතර ප්‍රදේශයකදී ගුවන් යානා දෙකක් බිම හෙළීමේ සිදුවීමට අදාළව, ඇමරිකානු පුරවැසියන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු තවත් අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් කියුබාවේ හිටපු නායක රාවුල් කැස්ත්‍රෝට එරෙහිව චෝදනා ගොනු කර තිබේ.
ඊයේ ප්‍රසිද්ධියට පත් කරන ලද මෙම නඩුව මගින් කැස්ත්‍රෝ සහ තවත් පස් දෙනෙකුට චෝදනා එල්ල කර ඇත්තේ, කියුබානු-ඇමරිකානු කණ්ඩායමකට අයත් ‘බ්‍රදර්ස් ටු ද රෙස්කියු’ සංවිධානයේ ගුවන් යානා බිම හෙළා ඇමරිකානුවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයන් සිව්දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙනි.
දැනට 94 වන වියේ පසුවන කැස්ත්‍රෝ, එම අනතුර සිදුවන අවස්ථාවේදී එරට සන්නද්ධ බලකායන්හි ප්‍රධානියා ලෙස කටයුතු කළ අතර මෙම ගුවන් යානා අනතුර හේතුවෙන් ඔහු ජාත්‍යන්තරයේ දැඩි දෝෂදර්ශනයට ලක්විය.
කියුබාවේ කොමියුනිස්ට් පාලනයට එරෙහිව ඇමරිකාව සිය පීඩනය එන්න එන්නම වැඩි කිරීමට උත්සාහ කරන පසුබිමක, කියුබානු ජනාධිපති මිගෙල් ඩයස්-කැනෙල් මෙම චෝදනා “කිසිදු නීතිමය පදනමකින් තොර දේශපාලන උපක්‍රමයක්” ලෙස හඳුන්වා දී ඇත.
මියාමි හි ෆ්‍රීඩම් ටවර් හිදී අදහස් දක්වමින් අමෙරිකාවේ වැඩබලන නීතිපති ටොඩ් බ්ලැන්ච් නිවේදනය කළේ ගුවන් යානා විනාශ කිරීම සහ අර්මැන්ඩෝ ඇලෙජැන්ඩ්‍රේ ජූනියර්, කාලෝස් ඇල්බර්ටෝ කොස්ටා, මාරියෝ මැනුවෙල් ඩි ලා පේනා සහ පැබ්ලෝ මොරාලස් යන අයගේ මරණ සම්බන්ධයෙන් මිනීමැරුම් චෝදනා හතරක් ද කැස්ත්‍රෝට එරෙහිව ගොනු කරන බවයි.
“ඇමරිකා එක්සත් ජනපදය සහ ජනාධිපති ට්‍රම්ප් සිය පුරවැසියන්ව කිසිදා අමතක කරන්නේ නැහැ,” යනුවෙන් බ්ලැන්ච් එහිදී පැවසීය.
මෙම චෝදනා ඇමරිකානු අධිකරණයකදී විභාග කළ යුතු අතර, මෙයින් සමහර චෝදනා සඳහා ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වීමේ හැකියාව පවතී.
එමෙන්ම මිනීමැරුම් චෝදනා සඳහා උපරිම දඬුවම ලෙස මරණ දණ්ඩනය හෝ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම විය හැක.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart