
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාර්ලිමේන්තුවේ තීරණ සම්බන්ධයෙන් අධිකරණයට තීන්දු ලබාදීමට පවතින හැකියාව පිළිබඳව නැවතත් ප්‍රශ්නකාරී තත්වයක් උද්ගතව තිබේ.
සංචාරක ඇමැති හරීන් ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකරමින් විමසා සිටියේ, අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ(IMF) වැඩසටහන යටතේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම පිළිබඳව අධිකරණයේ නඩුවක් විමසිය හැකිද යනුවෙනි.
සේවක අර්ථසාධක අරමුදලේ රජයේ බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සම්බන්ධයෙන් අවම වශයෙන් කණ්ඩායම් දෙකක් මේ වන විට අධිකරණයට ගොස් තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ IMF සමඟ පවතින ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, අප්‍රේල් 28 වැනිදා ඊට අදාළ යෝජනාව සම්මත වූ බව ඇමැති ප්‍රනාන්දු පෙන්වාදුන්නේය.
ජූලි 01 වැනිදා පාර්ලිමේන්තුව ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම අනුමත කිරීමේ යෝජනාවකටද ඡන්දය දී එය සම්මත කර ඇති බවද හෙතෙම සඳහන් කළේය.
එබැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අපේක්ෂා කරන පරිදි පාර්ලිමේන්තුව සතු රාජ්‍ය මූල්‍ය බලතලවලට අදාළ කිසියම් කරුණක් අධිකරණයකදී අභියෝගයට ලක් කළ හැකිද, ප්‍රශ්න කිරීමට හෝ තීරණය කළ හැකිද, එසේත් නැතිනම් එවැනි ක්‍රියාවලියක් බලතලවලට ඇඟිලි ගැසීමට සමාන වන්නේද යන්න පිළිබඳ තීන්දුවක් කතානායකවරයා විසින් ලබාදිය යුතුය යන්න ඇමැතිවරයා අවධාරණය කළේය.
ඇමැති ප්‍රනාන්දු විසින් මෙහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 120, 121 සහ 122 වගන්ති උපුටා දක්වන ලදී.
ඊට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ පැවසුවේ, කථානායක මහින්ද යාපා අබේවර්ධන මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ප්‍රකාශයක් සිදුකරනු ඇති බවය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart