April 10, 2026

ජාත්‍යන්තර තුළ අර්බුදයක් හට ගත් අවස්ථාවකදී ශ්‍රී ලංකාව වැනි රටකට වඩාත් සුදුසුම පියවර වන්නේ වෙළඳ ගනුදෙනු සඳහා එක් පාර්ශවයක් වෙත පමණක් යොමු නොවී සිටීම බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

ceylonwire.lk වෙබ් අඩවිය සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී මෙම අදහස් පළ කළ මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ මැදපෙරදිග යුදමය තත්වය හමුවේ මතුවූ ඉන්ධන අර්බුදයේදී රුසියාව සමග ඉන්ධන ගනුදෙනු සඳහා යොමුවීමේදී වෙළඳ ගනුදෙනුවලදී අමෙරිකාවෙන් විරෝධයක් එල්ලවුවහොත් එම භාණ්ඩ අලෙවි කරන්නේ කුමන පාර්ශවයක් සඳහා ද යන්න සම්බන්ධයෙන් ගැටලු මතුවන බවයි.

එබැවින් ජාත්‍යන්තර වශයෙන් ගැටලු නිර්මාණය වුව ද රටක් වශයෙන් සෑමවිටක කටයුතු කළ යුත්තේ කුමන තත්වයක් යටතේ වුවද වෙළඳාමට බලපෑම් එල්ල නොවන ආකාරයට දූරදර්ශී ප්‍රතිපත්තියක් යටතේ බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.

එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ ඒකපාර්ශවීය ලෙස කටයුතු කිරීමේ ප්‍රතිපලය වන්නේ ජාත්‍යන්තරය තුළ හුදෙකලාභාවයකට පත්වීම බවයි.

ඉන් වැළකී සිටීම සඳහා මේ මොහොතේ රටවල් සමග සාකච්ඡා කළ යුතු බවත්, රජයේ නියෝජිතයින් මැදපෙරදිග සංචාරය කළ යුතු බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.