
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඇමරිකා-ඉරාන සටන් විරාමයක් පවතින අතරතුර ඊශ්‍රායලය ලෙබනනයට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන්, පාකිස්ථාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසීෆ් ඊශ්‍රායලය නපුරක් සහ මනුෂ්‍යත්වයට ශාපයක් ලෙස හඳුන්වමින් දැඩි විවේචනයක් එල්ල කළේය.
ඒ සිය නිල X ගිණුම ඔස්සේ සටහනක් තබමින්ය.
මෙයට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගෙන් ප්‍රබල ප්‍රතිචාරයක් හිමිව තිබේ.
ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාගේ අනතුරු ඇගවීමෙන් පසුව පාකිස්ථානයේ ආරක්ෂක අමාත්‍යවරයා සිය X සටහන මකා දමා ඇතැයි ද විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.
එම X සටහන මගින් අමාත්‍ය අසීෆ් පවසා ඇත්තේ ඉස්ලාමාබාද්හි සාම සාකච්ඡා පැවැත්වෙන අතරතුර, ලෙබනනයේ ජන සංහාරයක් සිදුවෙමින් පවතින බවයි.
“ඊශ්‍රායලය විසින් අහිංසක පුරවැසියන් මරා දමමින් සිටිනවා. පළමුව ගාසා තීරය, පසුව ඉරානය සහ දැන් ලෙබනනය; මෙම ලේ වැගිරීම් නොනැවතී ඉදිරියටම යනවා,” ඔහු එහි ලියා තිබුණි.
“යුරෝපීය යුදෙව්වන්ගෙන් මිදීම සඳහා පලස්තීන භූමියේ මෙම පිළිකාකාරක රාජ්‍යය නිර්මාණය කළ පුද්ගලයන් නිරයේ දැවෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා සහ ප්‍රාර්ථනා කරනවා,” යැයිද අසීෆ් වැඩිදුරටත් සඳහන් කළේය.
ඊට දැඩි ලෙස ප්‍රතිචාර දක්වමින් ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ ඊශ්‍රායලය විනාශ කළ යුතු බවට පාකිස්ථාන ආරක්ෂක අමාත්‍යවරයා කළ ප්‍රකාශය අතිශයින්ම පිළිකුල් සහගත බවය.
‘කිසිදු රජයකින්, විශේෂයෙන්ම සාමය වෙනුවෙන් මධ්‍යස්ථ මැදිහත්කරුවෙකු ලෙස පෙනී සිටින රජයකින් මෙවැනි ප්‍රකාශයක් කිසිසේත් ඉවසිය නොහැක’ යැයි ඔහුගේ කාර්යාලය X (ට්විටර්) හි සටහනක් තබමින් ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart