
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ දේශපාලනඥයෙකු වන ටිරාන් අලස් මහතාට අයත් ‘සිලෝන් නිව්ස්පේපර්ස්’ (Ceylon Newspapers) ආයතනය තුළ මේ මොහොත වන විට දැඩි සේවක අයිතීන් මර්දනයක් ක්‍රියාත්මක වෙමින් පවතී.
ඒ එහි සේවය කරන මාධ්‍යවේදීන් ඇතුළු සේවකයන්ට මාස කිහිපයකින් වැටුප් නොගෙවීම සහ වසර ගණනාවක සිට සේවක අර්ථසාධක අරමුදල් (EPF) පැහැර හැරීම හේතුවෙනි. මෙය මේ වන විට මාධ්‍ය කර්මාන්තය තුළ තිබෙන අතිශය දරුණු අර්බුදයක තවත් දිගුවකි. ලංකාවේ විජය පුවත්පත් ආයතනය සහ සිලෝන් නිව්ස්පේපර්ස් යන ආයතන දෙකම සේවකයන්ට වැටුප් විධිමත්ව ගෙවන්නේ නැත. තවත් මාධ්‍ය ආයතන රැසක් ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට වැටුප් ගෙවන්නේ නැත. මාධ්‍යවේදීන් අනෙක් සියලුදෙනාගේ ප්‍රශ්න ගැන කතා කරන මුත් තමන්ගේ අයිතීන් වෙනුවෙන් හරිහැටි සංවිධානය වෙන්නේත් නැත.
මව්බිම මාධ්‍යවේදීන් අතරින් කිහිපදෙනෙකු තම අයිතිවාසිකම් වෙනුවෙන් කම්කරු දෙපාර්තමේන්තුව හමුවට ගියද, එහිදී පාලනාධිකාරිය ඒවා නොතකමින් පටු වෘත්තීය සමිති විරෝධී පිළිවෙතක නිරත වන බවට තොරතුරු වාර්තා වේ.
පසුගිය අප්‍රේල් 9 වැනිදා කම්කරු දෙපාර්තමේන්තුවේදී මේ සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්විණි. ඒ සඳහා නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ වෘත්තීය සමිති නියෝජිත ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ. එම අවස්ථාවේ සිදු වූ සිදුවීම පිළිබඳව ප්‍රියන්ජිත් මහතා මෙසේ අදහස් දැක්වීය:
“රවිෂාන් කියන මාධ්‍යවේදීයා වෙනුවෙන් පෙනී ඉන්න මම සහ වෘත්තීය සමිති නියෝජිතයන් දෙන්නෙක් එතැනට ගියා. මව්බිම ආයතනයෙන් ආවේ එච්ආර් (HR) එකේ නිලධාරිනියක් සහ ගයාන් කියන ගණකාධිකාරීවරයා. සහකාර කම්කරු කොමසාරිස්තුමිය එන්න කලින්ම ඔවුන් අපිට කිව්වා ‘ඕගොල්ලන්ට මෙතැන ඉන්න බෑ, යන්න’ කියලා. මම කිව්වා මේක මව්බිම ඔෆිස් එක නෙවෙයි කම්කරු කාර්යාලය කියලා.”
පාලනාධිකාරිය වෘත්තීය සමිති නියෝජිතයන්ට එරෙහිව දැඩි ස්ථාවරයක සිටි බවත්, ඔවුන් සාකච්ඡාවට සහභාගී වන්නේ නම් තමන් සහභාගී නොවන බවට මව්බිමේ නියෝජිතයන් තර්ජනය කළ බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. ලංකාවේ පෞද්ගලික මාධ්‍ය ආයතන තුළ වෘත්තීය සමිති පිහිටුවීමට ඉඩ නොදෙන පසුබිමක, මෙවැනි පොදු වෘත්තීය සමිතිවල සහාය පැතීමට සේවකයන්ට සිදුව ඇති බව මෙහිදී අවධාරණය කෙරිණි.
මව්බිම දිනපතා පුවත්පත පසුගිය මාර්තු 5 වැනිදා කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව හදිසියේ වසා දැමීය. එයින් පසු ඉරිදා පුවත්පත පමණක් පවත්වාගෙන යන බව කී නමුත්, දිනපතා පුවත්පතේ සේවය කළ මාධ්‍යවේදීන්ගේ ඉරණම අවිනිශ්චිත විය. මේ හේතුවෙන් බොහෝ සේවකයන්ගේ වෘත්තීය සුරක්ෂිතතාව අහිමි වී තිබේ. මාස තුනකට අධික කාලයක් වැටුප් නොලැබීමත්, සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ආසන්න වීමත් නිසා මාධ්‍යවේදීන් පත්ව ඇත්තේ දැඩි අසීරුතාවකටය.
තත්ත්වය පිළිබඳව අදහස් දැක්වූ සේවකයෙකු මෙසේ පැවසීය:
“වසර ගණනාවක් පුරා සේවක අර්ථසාධක දායක මුදල් (EPF) ගෙවීම පැහැර හැරලා. මාස තුනක පඩි නෑ. සිලෝන් ටුඩේ මාධ්‍යවේදී මිතුන් ජයවර්ධන කරපු පැමිණිල්ලට පාලනාධිකාරිය විභාගයටවත් ආවේ නෑ.”
ආයතනය තුළ පවතින අර්බුදය සමනය කරනු වෙනුවට පාලනාධිකාරිය සේවකයන් භේද කිරීමට උත්සාහ කරන බවට බරපතල චෝදනා එල්ල වේ. මාධ්‍යවේදීන් පිරිසක් එක්ව තම අයිතිවාසිකම් ඉල්ලා කර්තෘවරයාට ලියුමක් ලබා දී ඇත. එයට මාධ්‍යවේදින් 12 දෙනෙකු පමණ අත්සන් කර ඇත. එය පසුව හිමිකරු වන ටිරාන් අලස් මහතා අතට පත්ව ඇත. ඒ පිළිබඳව ආයතනයේ මාධ්‍යවේදියෙකු පැවසූවේ මෙවැන්නකි:
“කම්කරු කොමසාරිස්ට පිටපත් යයි කියන බයට එච්ආර් එකට ලියුම දීලා තිබුණා. ටිරාන් අලස් මහතා මේ ගැන අහලා, පාලනාධිකාරියට හිතවත් යැයි සමහරුන් කියන අනුරාධා හේරත් කියන මාධ්‍යවේදිනිය හරහා විස්තර සොයාගෙන තිබුණා. ඉන්පස්සේ ලියුමට අත්සන් කරපු අයව කැඳවලා තර්ජනය කළා. සමහරුන්ගෙන් ‘අපි දන්නැතුව තමයි අත්සන් කළේ’ කියලා ලියුම් ගත්තා. ඒ අයට විතරක් වැටුප් ගෙවන බවට වාචිකව පොරොන්දු වෙලා තියෙනවා.”
කම්කරු දෙපාර්තමේන්තුවේ විභාගයේදී රවිෂාන් නම් මාධ්‍යවේදියා මේ වෙද්දී වැටුප් නොලැබීම නිසා තමන්ට සිදුව මුහුණදී ඇති අසීරු ජීවන තත්වය පැහැදිලි කරන අතර ගයාන් නම් මව්බිම ගිණුම් අංශයේ නිලධාරියා කියා තිබුණේ, ‘රවිෂාන් ඔයාට ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයා අස්වෙන්න ඕනේ.‘ යනුවෙනි.
‘ඔයාලාට බැරිනම් ගෙවන්න ඔයාලා සේවය අවසන් කරන්න ඕනෑ. ආයතනයෙන් කරපු ඉල්ලීම්වලට සැලකිල්ලක් නැති නිසයි මේක කළේ.‘ යනුවෙන් රවිෂාන් ප්‍රතිචාර දක්වා ඇත.
‘දිඨ්වා නිසා බලපෑමක් වුණා. එයින් පුවත්පත් අලෙවියට බලපෑවා‘ යනුවෙන්ද ගයාන් ප්‍රතිචාර දක්වා තිබුණි.
කෙසේ වෙතත්, ඇතැම් මාධ්‍යවේදීන්ට එවැනි පීඩනයන්ට නතු නොවී තම අයිතිවාසිකම් වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටින බව වාර්තා වේ.
මේ අතර මව්බිම පුවත්පතේ කොන්ත්‍රාත් පදනම මත සේවය කළ ඇතැම් මාධ්‍යවේදීන්ට රැසකට එක්වරම සේවයට නොපැමිණෙන ලෙස දැනුම් දී ඇති අතර, මෙය සේවා අවසන් කිරීමේ පනත (Termination of Employment of Workmen Act) සෘජුව උල්ලංඝනය කිරීමක් බව වෘත්තීය සමිති පෙන්වා දෙයි. අප්‍රේල් 9 වැනිදා පැවති සාකච්ඡාවේදී ජනවාරි සහ පෙබරවාරි වැටුප් ගෙවීමට එකඟතාවක් පළ වුවද, එය ක්‍රියාත්මක වන්නේ කුමන පදනමක් මතද යන්න තවමත් අපැහැදිලි ය.
රටේ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් ගැන ප්‍රශ්න කරන මාධ්‍යවේදීන්ට, තම ආයතනය තුළම සිදුවන නීති විරෝධී ක්‍රියාවලට එරෙහිව හඬ නැගීමට සිදුවීම උත්ප්‍රාසාත්මක ය. වසර ගණනාවක EPF මුදල් කොල්ලකෑම සහ මාස ගණනාවක වැටුප් පැහැර හැරීම හුදෙක් මව්බිමේ ආයතනික ප්‍රශ්නයක් නොව, එය ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයේ පවතින අනාරක්ෂිතභාවය ගැන බරපතල උදාහරණයකි.
(උපුටාගැනීම – whatnews.lk / තරිඳු උඩුවරගෙදර)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart