April 7, 2026

නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රාදේශීය සභාව තම බල ප්‍රදේශය තුළ සංවර්ධන කටයුතු සඳහා බලපත්‍ර නිකුත් කිරීමේදී අනුගමනය කළ යුතු නියමිත ක්‍රියාපටිපාටි අනුගමනය නොකර රජයට අයත් ඉඩමක් සඳහා 2021 දී ගොඩනැගිලි සැලැස්මක් අනුමත කිරීම සම්බන්ධයෙන් සභාපතිවරයාට චෝදනා එල්ල වී තිබේ.

අයැදුම්කරුවකුට අනිසි වාසියක් ලබාදීමෙන් දූෂණයක් සිදුකිරීමේ චෝදනා මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.