
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සති පහක් පුරා පැවැත්වෙන යුද්ධය අවසන් කිරීම සඳහා වන ගිවිසුමට ඉරානය එකඟ නොවුණහොත් අද රාත්‍රියේ ඉරාන සිවිල් විදුලි බලාගාර සහ පාලම් වෙත දැඩි ප්‍රහාර එල්ල කිරීමට නියෝග කරන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ පැවසීය.
ධවල මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී ට්‍රම්ප් මේ බව සඳහන් කළේය.
ඉරානය න්‍යෂ්ටික අවි අත්හැරිය යුතු බවත් සහ තීරණාත්මක තෙල් ප්‍රවාහන ජල මාර්ගයක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කළ යුතු බවත් ට්‍රම්ප් ඉල්ලා සිටී.
“මුළු රටම එක රාත්‍රියකින් නැති කරන්න පුළුවන්, එම රාත්‍රිය හෙට රාත්‍රිය වෙන්නත් පුළුවන්.” ඔහු පැවසීය.
“එහෙම කරන්න අවශ්‍ය නොවෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා,” යැයි ද ට්‍රම්ප් පැවසීය.
බදාදා මධ්‍යම රාත්‍රිය වන විට’ඉරානයේ සෑම පාලමක්ම විනාශ කරන’ සහ ‘ඉරානයේ සෑම විදුලි බලාගාරයක්ම ව්‍යාපාර කටයුතුවලින් තොර, දැවෙන, පුපුරා යන සහ නැවත කිසිදා භාවිත නොකළ හැකි’ තත්ත්වයකට ගෙන ඒමේ සැලැස්මක් එක්සත් ජනපදය සතුව ඇති බව ඔහු පැවසීය.
“මම අදහස් කළේ, සම්පූර්ණ කඩා දැමීමක් – රාත්‍රී 12 වන විට, අපට අවශ්‍ය නම් එය පැය හතරක කාලයක් තුළ සිදුවෙයි. අපට එහෙම කරන්න අවශ්‍ය නැහැ,” ඔහු පැවසීය.
එක්සත් ජනපදය සිවිල් විදුලි බලාගාරවලට පහර දුන්නොත් එය ට්‍රම්ප් විසින් සිදුකරන යුද අපරාධයක් බව විචාරකයන් පවසා ඇති අතර, ට්‍රම්ප් ඊයේ එය ප්‍රතික්ෂේප කළේය.
“මම ඒ ගැන කරදර වෙන්නේ නැහැ. යුද අපරාධයක් කියන්නේ මොකක්ක්ද කියලා ඔබ දන්නවාද? න්‍යෂ්ටික අවියක් තිබීම” ට්‍රම්ප් ධවල මන්දිරයේ පාස්කු උත්සවයක් අතරතුර පැවසීය.
පෙන්ටගනයේ ප්‍රධානී පීට් හෙග්සෙත් මාධ්‍ය හමුවේදී පැවසුවේ ඉරාන ගැටුම ආරම්භ වීමෙන් පසු ඇති වූ දරුණුතම ප්‍රහාර සඳුදා සිදුවන බවත් අඟහරුවාදා වන විට ප්‍රහාර ඊටත් වඩා වැඩි වනු ඇති බවයි.
මීට පෙර මාධ්‍යවේදීන් අමතමින් ට්‍රම්ප් පැවසුවේ ඉරානය ඉදිරිපත් කළ යෝජනාව ප්‍රමාණවත් නොවන බවයි.
“ඔවුන් යෝජනාවක් ඉදිරිපත් කළා, එය සැළකිව යුතු යෝජනාවක්. එය සැළකිව යුතු පියවරක්. එය ප්‍රමාණවත් නැහැ,” ට්‍රම්ප් පැවසීය.
ඉරානය ‘ඔවුන් කළ යුතු දේ’ කළහොත් යුද්ධය කඩිනමින් අවසන් විය හැකි බව ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart