
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ දැනට ප්‍රදර්ශනය කෙරෙන ‘World Press Photo’ ප්‍රදර්ශනයෙන් රුසියානු-යුක්රේන යුද්ධයට අදාළ ඡායාරූප ඉවත්කරන ලෙස කළ ඉල්ලීමකින් කොළඹ පිහිටි රුසියානු තානාපති කාර්යාලය මෙරට ප්‍රකාශනයේ නිදහස සහ මහජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය සීමාකිරීමට උත්සාහ කරන බවට නෙදර්ලන්ත තානාපති කාර්යාලය චෝදනා කර තිබේ.
එම තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, මාර්තු 7-8 සති අන්තයේදී රුසියානු තානාපතිවරයා මෙම ප්‍රදර්ශනය නැරඹීමට පැමිණ ඇති බවත්, එහිදී යුක්රේනයට එරෙහි රුසියානු යුද්ධයට අදාළ ඡායාරූප ඉවත්කරන ලෙස ඉල්ලා ඇති බවත්ය.
සංවිධායකයන් ඊට එකඟ නොවන්නේ නම් විරෝධතාවක් පවත්වන බවට ද තානාපතිවරයා අනතුරු අඟවා ඇත.
2025 වසරේ ‘World Press Photo’ ප්‍රදර්ශනය පෙබරවාරි 27 වැනිදා ‘One Galle Face’ හිදී නිල වශයෙන් විවෘත කරන ලද්දේ, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න සහ නෙදර්ලන්ත තානාපති වීබේ ද බෝයර්ගේ ප්‍රධානත්වයෙනි.
මෙම ප්‍රදර්ශනය නෙදර්ලන්ත රාජධානියේ තානාපති කාර්යාලය, ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය සහ ‘World Press Photo’ පදනම එක්ව සංවිධානය කරනු ලබන්නකි.
නෙදර්ලන්ත තානාපති කාර්යාලයට අනුව, මාර්තු 13 සිට 17 දක්වා මහනුවර සහස් උයනේ පැවැත්වීමට නියමිත ප්‍රදර්ශනයෙන් ද අදාළ ඡායාරූප ඉවත්කරන ලෙස රුසියානු තානාපති කාර්යාලය ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇත.
නෙදර්ලන්ත තානාපති කාර්යාලය පවසන්නේ, මෙම ප්‍රදර්ශනයම මේ වන විට ඇමරිකා එක්සත් ජනපදය සහ ජර්මනිය ඇතුළු රටවල ද පැවැත්වෙන අතර කිසිදු වාරණයකින් තොරව ලොව පුරා ප්‍රදර්ශනය කෙරෙන බවයි.
එමෙන්ම අදාළ ඡායාරූප ‘World Press Photo’ වෙබ් අඩවිය හරහා ඕනෑම අයෙකුට අන්තර්ජාලයෙන් නැරඹිය හැකි බව ද තානාපති කාර්යාලය සඳහන් කරයි.
මහජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය සහ ප්‍රකාශනයේ නිදහසට බාධා කිරීමට ඕනෑම පාර්ශවයක් ගන්නා උත්සාහයන් නෙදර්ලන්ත තානාපති කාර්යාලය හෙළාදකින බව එම නිවේදනයේ දැක්වෙන අතර, එවැනි උත්සහය සත්කාරක රටේ ස්වෛරීභාවයට මැදිහත් වීමක් විය හැකි බව ද එහි වැඩිදුරටත් සඳහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart