
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මේ වන විට ශ්‍රී ලංකාවේ සිල්ලර ඉන්ධන වෙළඳපොළට පිවිස සිටින චීනයේ සයිනොපෙක් සමාගමට පවරාදිය හැකි ඉන්ධන පිරවුම්හල් සම්බන්ධයෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අධ්‍යයනය කරමින් සිටින බව වාර්තා වේ.
විශේෂයෙන් සංස්ථාවේ මාර්ගෝපදේශ උල්ලංඝනය කරන පිරවුම්හල්, සංස්ථාවට පවරාගෙන, ඒවා විදේශීය සමාගම් වෙත ලබාදීමට සැලසුම් කෙරෙමින් පවතින බව පැවසේ.
මේ වන විටත් එසේ මාර්ගෝපදේශ උල්ලංඝනය කළ පිරවුම්හල් කිහිපයක් සංස්ථාව පවරාගෙන ඇත.
එවැනි පසුබිමක තවත් පිරවුම්හල් 100කට වැඩි සංඛ්‍යාවක් මාර්ගෝපදේශ උල්ලංඝනය කර ඇති බව තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කරයි.
එම ප්‍රකාශය පහතින් දැක්වේ.
‘ඉන්ධන මිල සංශෝධනයක් බලාපොරොත්තුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් පාලනය කරන ඉන්ධන පිරවුම්හල් 101ක පෙට්‍රල් 92 සහ පිරවුම්හල් 61ක ලංකා ඔටෝ ඩීසල්, 50% ක් අවම තොග ඊයේ දවස වන විට පවත්වාගෙන යෑමට අපොහොසත් වී ඇති අතර ප්‍රමාණවත් තොග පවත්වාගෙන යාමට අවශ්‍ය ඉන්ධන ඊයේ දිනයේ ඇණවුම් කරද නොමැත.
නිසි පරිදි ඉන්ධන තොග පවත්වාගෙන යෑමට අපොහොසත් වූ ඉන්ධන පිරවුම්හල් කීපයක පාලනය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යටතට ගැනීමට සහ අනෙකුත් පිරවුම්හල්වලට එරෙහිව අවශ්‍ය නීතිමය පියවර ගැනීමට පසුගිය මස කටයුතු කර ඇත.
නිසියාකාරව අවශ්‍ය අවම ඉන්ධන තොග පවත්වාගෙන යෑමට අවශ්‍ය ඇණවුම් සිදු කරන ලෙස සියලුම ඉන්ධන පිරවුම්හල් හිමියන්ගෙන් ඉල්ලා සිටින අතර අවශ්‍ය ප්‍රමාණවත් ඉන්ධන තොග ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතු බව දැනුම්දෙයි.’
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart