
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අමෙරිකාවේ ටෙක්සාස් හිදී පසුගිය වසරේ ජනවාරි 10 වැනිදා බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විදෙස් ජනමාධ්‍ය රැසක් වාර්තා කර තිබිණි.
එම ජනමාධ්‍ය වාර්තා කළේ අදාළ කාන්තාව ටෙක්සාස් හි පිහිටි සිය පියාගේ නිවසට යමින් සිටියදී ඇගේ පියා විසින් ඇයට වෙඩිතබා ඇති බවයි.
මෙම සිදුවීමට වැඩි අවධානයක් යොමුවීමට හේතුව වී ඇත්තේ ඝාතනයට හේතුව පියා සහ දියණිය අතර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධයෙන් සිදුවූ බහින්බසවීමක් දුරදිග යෑම බව පරීක්ෂණවලින් හෙළි වී තිබේ.
ඝාතනයට ලක්ව ඇත්තේ ලුසී හැරිසන් නමැති 23 හැවිරිදි තරුණියක් බව වාර්තා වේ.
අදාළ සිදුවීම මනුෂ්‍ය ඝාතනයක් ලෙස විමර්ශනය කළ නමුත්, කොලින් ප්‍රාන්තයේ ජූරි සභාවක් පියාට එරෙහිව නගා තිබූ චෝදනා කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු, ක්‍රිස් හැරිසන්ට නමැති එම සැකකාර පියාට එරෙහිව කිසිදු අපරාධ නඩුවක් ඉදිරිපත් කර නොමැත.
ලුසී හැරිසන්ගේ මරණය පිළිබඳ පරීක්ෂණයක් මීට පෙර චෙෂයර් හදිසි මරණ පරීක්ෂක කාර්යාලය විසින් ආරම්භ කර තිබුණු අතර, එහිදී ඇගේ පෙම්වතා වන සෑම් ලිට්ලර් නමැත්තා අධිකරණය හමුවේ පවසා ඇත්තේ, ට්‍රම්ප් ඔහුගේ දෙවැනි ධුර කාලය සඳහා දිවුරුම්දීමට සූදානම් වෙමින් සිටින අතරතුර, මිය ගිය දියණිය සහ සැකකාර පියා අතර ඒ සම්බන්ධයෙන් දැඩි වාදවිවාද පැවැති බවයි.
එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි ලබාදෙමින් මියගිය තරුණියගේ පෙම්වතා පවසා ඇත්තේ, ඇය සිය පියා සමග වරින්වර බහින්බස් වූ බව සහ ගිනි අවියක හිමිකාරීත්වය සම්බන්ධයෙන් ද එලෙස බහින්බස්වීමක් සිදුවූ බවයි.
එමෙන්ම සැකකාර පියා මත්පැන් පානයට පුරුදුව සිටි අයකු බවත්, වෙඩිතැබීම සිදුවූ දිනයේදී ද ඔහු මත්පැන් පානය කර සිටි බවත් අනාවරණ වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart