
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බංග්ලාදේශයේ ක්‍රියාත්මක අන්තවාදීන්ගේ බලපෑම් හේතුවෙන් එරට වෙසෙන සුළුතර බෞද්ධ ජනතාව සහ එරට වැඩසිටින බෞද්ධ භික්ෂූන් වහන්සේලා ඉතා ශෝචනීය තත්වයකට මුහුණ පා ඇතැයි ශ්‍රී ලංකා බංගලිදේශ බෞද්ධ සහයෝගීතා පෙරමුණ පවසයි.
බංග්ලාදේශය යනු ශ්‍රී ලංකාව මෙන්ම බෞද්ධ රටක් වුව ද වර්තමානයේදී බංග්ලාදේශය තුළ වෙසෙන බෞද්ධ භික්ෂූන් වහන්සේලාට සහ බෞද්ධ ජනතාවට සිදුවන අකටයුතුකම් සහ වෙනස්කොට සැලකීම් ජාත්‍යන්තරයට වාර්තා නොවන බව ද එම පෙරමුණ පෙන්වා දෙයි.
එම තත්වය සම්බන්ධයෙන් මෙරට ජනතාව දැනුවත් කිරීමට සහ බෞද්ධයින්ට විරුද්ධව බංග්ලාදේශයේ ක්‍රියාත්මක වන අන්තවාදයට එරෙහිව ඉකුත් දා කොළඹදී ශ්‍රී ලංකා බංගලිදේශ බෞද්ධ සහයෝගීතා පෙරමුණ පා ගමනක් ද කැඳවා තිබිණි.
ඊට එක්වූ පිරිස බංග්ලාදේශයේ වෙසෙන බෞද්ධයින්ට සහය පළ කරමින් සහ අන්තවාදයට එරෙහි පුවරු රැගෙන පා ගමනින් කොළඹ පිහිටි බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලය වෙත ළඟාවූහ.
අනතුරුව පිරිස එහිදී නිහඬ විරෝධතාවක ද නිරත වූ අතර ශ්‍රී ලංකා බංගලිදේශ බෞද්ධ සහයෝගීතා පෙරමුණ වෙනුවෙන් එහි ප්‍රචාරක ලේකම් පූජ්‍ය නුවරඑළියේ කවිස්සර හිමියන් ජනමාධ්‍ය හමුවේ අදහස් දැක්වීය.
එහිදී උන්වහන්සේ පෙන්වා දුන්නේ බංග්ලාදේශය තුළ සිටින බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ බෞද්ධ ජනතාව මුහුණදෙන ප්‍රධානතම ගැටලුව වන්නේ ලොව අනෙක් බෞද්ධ රටක් හෝ ඔවුන් වෙනුවෙන් හඬ නොනැගීම බවයි.
ඊට හේතුව බංග්ලාදේශය තුළදී බෞද්ධයින්ට අත්වී ඇති ඉරණම ජාත්‍යන්තරයෙන් වසන් වී තිබීම හා දැඩි මාධ්‍ය වාරණයක් ක්‍රියාත්මක වීම බව පූජ්‍ය නුවරඑළියේ කවිස්සර හිමියන් පැවසුවේය.
එමෙන්ම උන්වහන්සේ පෙන්වා දුන්නේ මානව හිමිකම් සඳහා පටහැනිව සිදුවන කිසිඳු සිදුවිමක් බාහිර පාර්ශව වෙත වාර්තා නොවීම හමුවේ රට තුළ සිදුවන දේපළ ගිනිතැබීම්, මංකොල්ලකෑම්, භික්ෂූන් වහන්සේලා ඝාතනය කිරීම මෙන්ම බෞද්ධ ස්ත්‍රීන් දූෂණය කිරීම වැනි අපරාධ ලොවෙන් වසන්ව පවතින බවයි.
බංග්ලාදේශයේ පවතින තත්වය හමුවේ බංග්ලාදේශ ජාතික බෞද්ධ ස්වාමීන් වහන්සේලා ජීවිතාරක්ෂාව වෙනුවෙන් මෙරටට පැමිණ මෙරට විහාරස්ථානවල වැඩවෙසෙන බව ද උන්වහන්සේ පැවසුවේය.
එවැනි ස්වාමීන් වහන්සේලා ජනමාධ්‍ය හමුවට පැමිණ මෙවැනි අකටයුතුකම් සම්බන්ධයෙන් අදහස් පළ කිරීමට මැළි වන්නේ බංග්ලාදේශයේ වෙසෙන ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් බව ද උන්වහන්සේ පැවසීය.
අන්තවාදී ක්‍රියාකාරකම් හමුවේ බංග්ලාදේශයේ වෙසෙන බෞද්ධයින් වර්තමානයේදි චිතගොන් තුළ කොටුවී සිටින බව ද පූජ්‍ය නුවරඑළියේ කවිස්සර හිමියන් අනාවරණ කළේය.
ඒ අනුව බංග්ලාදේශයේ බෞද්ධ ආගමික ස්ථාන ඉලක්ක කර එල්ල වන ප්‍රහාර නැවැත්වීමට වහාම පියවර ගැනීම සහ එරට වෙසෙන බෞද්ධ ඇතුලු අනෙකුත් සියලු ජනකොටස්වලට එරෙහිව සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් අපක්ෂපාතී පූර්ණ පරීක්ෂණයක් පැවැත්වීම ඇතුලු ඉල්ලීම් ඇතුළත් ලිපියක් ශ්‍රී ලංකා බංගලිදේශ බෞද්ධ සහයෝගීතා පෙරමුණ විසින් මෙරට පිහිටි බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබිණි.
බංග්ලාදේශය තුළ වෙසෙන බෞද්ධයින්ට නිදහසේ ජීවත්වීමට හැකි වන පරිදි සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමට බෞද්ධ රටවල් ලෝක ප්‍රජාව එක් කර ගත යුතු බව ද පූජ්‍ය නුවරඑළියේ කවිස්සර හිමියන් පැවසුවේය.
එමෙන්ම උන්වහන්සේ එහිදී පෙන්වා දුන්නේ සෙසු ආගම් වෙනුවෙන් එම ආගම් ව්‍යාප්තව ඇති අනෙකුත් රටවල් හඬ නැගුව ද බංග්ලාදේශයේ වෙසෙන බෞද්ධ ජනතාව වෙනුවෙන් එලෙස හඬ නැගීමට කිසිඳු පාර්ශවයක් නොමැති බවයි. බංග්ලාදේශයේ පවතින මෙම ගැටලුව විසඳා ගැනීම සඳහා ලෝකයේ සිටින සියලු බෞද්ධ ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරන බව ද ශ්‍රී ලංකා බංගලිදේශ බෞද්ධ සහයෝගීතා පෙරමුණ මෙහිදී අවධාරණය කළේය.
එමෙන්ම එම පෙරමුණ පෙන්වා දුන්නේ එසේ සිදු නොකළහොත් ලෝකයට සිදුවන්නේ අන්තවාදීන්ට යටත් වී සිටීමට බවයි.
බංග්ලාදේශය තුළ පවතිම මෙම ගැටලුව නොවිසඳුන හොත් බංග්ලාදේශය වෙත ගොස් ඒ සඳහා ඍජුව මැදිහත්වීමට වුව ද සූදානම් බව එම පෙරමුණ පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart