January 30, 2026

මාතර බන්ධනාගාරයේ සිරකරුවකු අද සවස බන්ධනාගාර නිලධාරින්ගෙන් මිදී පළාගොස් ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.

මෙසේ පළාගොස් ඇත්තේ නිතිවිරෝධි මත්පැන් සන්තකයේ තබාගැනිම සම්න්ධයෙන් වරදකරුවි සිරදඩුවම් ලබා සිටි පානදුර කුරුප්පුමුල්ල පදිංචිකරුවෙකි.

ඔහු ඊයේ සවස බන්ධනාගාර අධිකාරිවරයාගේ නිල නිවසේ සේවයේ යොදවා සිටියදි බන්ධනාගාර නිලධාරින්ගෙන් මිදී පළාගොස් ඇත.

මෙම සිරකරුවාගේ යහපත් හැසිරිම නිසා මෙවර නිදහස් දිනයේ නිදහස් කිරිමට නියමිත සිටි බව බන්ධනාගාර නිලධාරියෙක් පැවසිය.