
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අරගලය විරෝධය පැවති 2022 මැයි 9 වැනිදා සිදු වූ ප්‍රහාර සහ ප්රචණ්ඩත්වය අතරතුර සිදු වූ දේපළ හානි සඳහා වන්දි ගෙවීම් සම්බන්ධයෙන් විමර්ශනයක් ඉල්ලා ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමකට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු තවත් කිහිප දෙනෙකුට නොතීසි යැවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.
මෙම පෙත්සම ගොනුකර ඇත්තේ නිතිඥ රවීන්ද්‍රනාත් දාබරේ විසිනි.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න, විශ්‍රාමික ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ තවත් රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකු පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.
මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ඊයේ (28) කැඳවූ විට, හිටපු ජනාධිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් කිහිප දෙනෙකුට තවමත් නොතීසි ලබා දී නොමැති බව අධිකරණයට දන්වන ලදී.
ඒ අනුව, ඔවුන්ට නොතීසි නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළ අතර පෙත්සම මැයි 8 වැනිදා තවදුරටත් සළකා බැලීම සඳහා කල් තැබීය.
ප්‍රශ්නගත සිදුවීම් සම්බන්ධයෙන් ගෙවනු ලබන ඕනෑම වන්දි මුදලක් පක්ෂග්‍රාහීත්වය, දේශපාලන අනුබද්ධතාව හෝ වෙනත් අනවශ්‍ය බලපෑමකින් තොරව සාධාරණ ලෙස බෙදා හැරීම සහතික කිරීම සඳහා සම්පූර්ණ හා විනිවිද පෙනෙන පරීක්ෂණයකට යටත් විය යුතු බව පෙත්සම්කරු කියා සිටියේය.
වැරදිකරුවන් හඳුනාගෙන නඩු පැවරීමට ප්‍රමාණවත් පියවර නොගෙන රජය විසින් සැළකිව යුතු මහජන අරමුදල් වන්දි ලෙස ලබා දී ඇති බව පෙත්සම්කරු පවසයි.
2025 පෙබරවාරි 5 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී සෞඛ්‍ය අමාත්‍ය සහ එවක රජයේ ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කළ බවත්, 2022 මැයි 9 වැනිදා හෝ ඒ ආසන්න දිනකදී සිදුකරන ලද නීති විරෝධී ප්‍රහාර සහ ප්රචණ්ඩත්වය අතරතුර ඔවුන්ගේ දේපළවලට සිදු වූ හානි සඳහා ඇතැම් දේශපාලනඥයන් ඇතුළු පුද්ගලයන් 43 දෙනෙකුට රුපියල් බිලියන 1.22ක වන්දි ගෙවීම් පිළිබඳ විස්තර කෙරුණු බවත් පෙත්සම්කරු පවසයි.
සම්මත වන්දි සීමාවන් ඉක්මවා වන්දි ගෙවීම් ලබාගැනීමට ඔවුන්ගේ දැන හැඳුනුම්කම් සහ සබඳතා උපයෝගී කර ගෙන ඇති බවට වෛද්‍ය ජයතිස්ස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට චෝදනා කළ බව පෙත්සම්කරු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart